August 12, 2026

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට මුලපුරමින් සතර කෝරළයේ දී ‘කප්’ කැපීමේ චාරිත්‍රය ඉටුවෙයි.
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ සමාරම්භය සනිටුහන් කරමින්, පෞරාණික චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීමේ චාරිත්‍රය 2026 අගෝස්තු 12 වන දින අලුයම 5.10 ට යෙදුණු සුබ මොහොතින් සතර කෝරළයේ ඓතිහාසික අලුත්නුවර දී සිදු කෙරිණි.

මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම චාරිත්‍රය අනුව, කපා ගන්නා ලද කප මංගල හස්තිරාජයා පිට තැන්පත් කර හේවිසි තූර්ය නාද මධ්‍යයේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත වැඩම කරවා විශේෂ පුද පූජා පවත්වන ලදී.

ඉන් අනතුරුව පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත වැඩම කරවන ලද එම කප, අද පස්වරුවේ මහනුවර ඓතිහාසික සිව්මහා දේවාල වෙත බෙදා දීමට නියමිතය.
සියවස් ගණනාවක දුරාතීතයේ පටන් නොකඩවා පැවත එන ‘කප’ යනු කණුව හෙවත් සංකේතයයි. “දේව කාර්යය උදෙසා කැපවෙමි” යන අර්ථය පෙරදැරිව මෙම චාරිත්‍රය ඉටුකරන අතර, ඒ සඳහා සුබ නැකැත් චාරිත්‍ර සම්පාදනය කරනු ලබන්නේ ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසිනි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ මූලික පදනම වැටෙන්නේ මෙම කප් සිටුවීමේ පාරම්පරික මහා චාරිත්‍රයත් සමඟිනි.

கண்டி எசல பெரஹராவை முன்னிட்டு சத்தர கோரளையில் ‘கப்’ வெட்டும் சம்பிரதாயம் நிறைவேறியது
கண்டி: வரலாற்றுச் சிறப்புமிக்க கண்டி எசல பெரஹரா பெருவிழாவின் தொடக்கத்தைக் குறிக்கும் வகையில், பாரம்பரிய ‘கப்’ நடும் நிகழ்விற்கான மரம் வெட்டும் சம்பிரதாயம் ஆகஸ்ட் 12, 2026 அதிகாலை 5.10 மணியளவில் வரலாற்று சிறப்புமிக்க அளுத்நுவரவில் சுபவேளையில் நடைபெற்றது.

கண்டி ஸ்ரீ மகா விஷ்ணு தேவாலயத்தின் தலைமையில், வெட்டப்பட்ட ‘கப்’ கம்பம் மங்கள யானை மீது ஊர்வலமாக அளுத்நுவர ஸ்ரீ டெடிமுண்ட தேவாலயத்திற்கு எடுத்துச் செல்லப்பட்டு விசேட வழிபாடுகள் நடத்தப்பட்டன. பின்னர் கண்டி ஸ்ரீ மகா விஷ்ணு தேவாலயத்திற்கு கொண்டு வரப்பட்ட அக்கம்பம், இன்று மாலை நான்கு பிரதான தேவாலயங்களுக்கும் பகிர்ந்தளிக்கப்படவுள்ளது.
நாளை (13) காலை சுபநேரத்தில் நாத, விஷ்ணு, கதரகம மற்றும் பத்தினி ஆகிய நான்கு தேவாலயங்களிலும் ‘கப்’ நடப்பட்டு, உள்வீதிப் பெரஹராக்கள் ஆரம்பமாகவுள்ளன.

‘Kap’ Cutting Ritual Performed in Sathara Korale Ahead of The Kandy Esala Perahera 2026

Marking the commencement of the Kandy Esala Perahera, the traditional ‘Kap’ cutting ceremony was performed at the auspicious time of 5:10 AM on 12th August 2026 in historic Aluthnuwara, in Sabaragamuwa province.

Led by the Kandy Sri Maha Vishnu Devalaya, the sanctified Kap pole was carried atop a tusker amidst traditional drumming to the Aluthnuwara Sri Dedimunda Devalaya for special rituals. It was then brought in procession to the Kandy Sri Maha Vishnu Devalaya to be distributed among the four main devalayas (Natha, Vishnu, Kataragama, and Pattini) this evening.

The ‘Kap’ will be formally planted on 13th August, morning at an auspicious time, initiating the internal Devale Peraheras.

Share With