November 7, 2025

බොදු ජනතාවගේ මුදුන්මල්කඩ ලෙස ඉමහත් ගෞරව බුහුමන් ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින්, දියවඩන නිලමේවරයෙක් ලෙස අඛණ්ඩව තුන්වෙනි වරටත් පත්වීමේ භාග්‍ය හිමිකරගත් ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමන්, නිලවරණය ජයගනිමින් උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමත්, අනතුරුව මල්වතු හා අස්ගිරි උභය මහාවිහාරීය අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව.

2025 නොවැම්බර් 07 වන දින පස්වරුවේ පැවති දියවඩන නිලමේ නිලවරණයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශිත සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 195 ක් හිමිකරගත් අතර, අනෙකුත් පිළිගත් අපේක්ෂකයන් වූ දමින්ද උඩුරාවන මහතා සහ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක මහතා පිළිවෙළින් ඡන්ද 50 ක් සහ 13 ක් වශයෙන් ලබාගෙන තිබූහ. ඒ අනුව ඉදිරි දශකය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සඳහා තේරීපත් විය.

Share With