August 4, 2024

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2024 ක් වූ නිකිණි මස 04 වෙනි දින හෙවත් 2024 අගෝස්තු 04 දින අලුයම 4.10 ට යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන් ය. අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්තිරාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය දක්වා රැගෙන එන ලදී. එය අද පස්වරු 03.58 ට සිව්මහා දේවාල වෙත බෙද‍ාදුන් අතර, 2024 අගෝස්තු 05 වන දින පෙරවරු 04.10 යෙදෙන සුබ මොහොතින් එම දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි.

සියවස් 3ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනු කණුවය. කණුවක් සිටුවා කැපවෙමි යන අර්ථයෙන් “කප් සිටුවීම” නමැති චාරිත්‍රය එදා සිට අද දක්වා නොනැසී පවතී. මහනුවර ඇසළ පෙරහර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන නමුත්, දළදා මැදුරේ කප් සිටුවීමක් සිදු නොවේ. එය සිදු කරනු ලබන්නේ මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසිනී.

“Kap Chanting ceremony” (Kapa Kapeema), the first ritual of the Kandy Esala Perahera Festival of 2024 was performed today in Sathara Koralaya (Sabaragamu Province).

The ancient ritual of Kap Chanting of the Kandy Esala Perahera Festival of the hill capital was performed 04th August 2024 at the auspicious time of 4.10 am at Aluthnuwara in Sabaragamuwa Province. The ritual was performed under the leadership of Sri Maha Vishnu Dewalaya of Kandy. The Kapa which was brought to Dadimunda Dewalaya of Aluthnuwara on the royal tusker was later brought to Sri Maha Vishnu Dewalaya in a magnificent procession with drumming and accompanying instruments, after performing the ancient rituals & offerings. The Kapa will be distributed among the four Dewala at the auspicious time of 3.58pm. Inside processions in the Dewala premises will start from 05th August 2024 after planting the Kapa at the auspicious time of 4.10 am.

This traditional ritual which dates back 3 centuries, continues even today without any change. “kapa” is a post or a pillar “Kap Situweema” or Kap Chanting is to show their devotion by planting a post. The auspicious times are given by the Temple of The Sacred Tooth Relic but the rituals are followed by the Natha, Vishnu, Kataragama & Paththini the four Dewala.

Share With