The Donation Of Colourful& Glamourous Costumes For The Elephants And Tuskers, who will be adorning the Kandy Esala Perahera Festival 2022 were donated today (29th July)morning at the Temple of the Sacred Tooth Relic.
Mrs. WasanaPerera donated the set of costumes for the 4thconsecutive time to be used for the first Kumbal procession on the 2nd August marking the commencement of the Kandy EsalaPerahera Festival 2022. Mrs. ChathurikaWijetunga& Mrs. Rupika Costa donated the costumes for the 2ndKumbal procession for the 9th consecutive time under the guidance of Rev. YatiyantotaChandakittiThero. For the 3rdKumbal procession a costume made out of Batik by Mr. LahiruAsangaSrinayake& Mr. Sunil Rabel was donated with the sponsorship of Member of Parliament Hon.DumindaDissanayake, Mrs. JayaniThiseraDissanayake, Mrs. ChandimaJayasuriya& Mr. SankaMuthuranwela.
For the 4thKumbal procession by Mrs. SaumyaHerath and for the royal tusker group of 5thKumbal procession by Mrs. NisansalaPerera of Kandy for the 3rd consecutive time.
For the royal tusker group of 1stRandoli procession by Mrs. DisnaWanigasekera for the 4th consecutive time, For the 2ndRandoli procession by Mrs. WasanthaRukmaniPerera for the 9th consecutive time under the guidance of Rev. YatiyantotaChandakittiThero, for the 3rdRandoli procession costumes were donated by Mr. R. N. Rajapakse for the 8th consecutive time. Mrs. SagarikaThirimanna of Panadura donated the costumes for the 4thRandoli procession for the 11th consecutive time. Mr. ThusithaWijesena the chairman of Kandy City Centre (KCC) donated the costumes for the royal tusker group of the Grand Randoli procession for the 28th consecutive time.
The costume for the Front Runner’s(PeramuneRaala) tusker was donated by Mrs. NimathriRandeniya. Mrs. SasankaAlwis donated the costumes for the Day procession.
Other than the above the below mentioned ladies & gentlemen also donated beautiful costumes for the tuskers taking part in the Kandy EsalaPerahera Festival 2022, NethranjaliRanaweera, GimhanRashintha, ShehaniNanayakkara, SameeraLakshan, ChandaniNawaratne, ChathurikaWijetunga, AruniUthpalaDissanayake, SamarasingheAppuhami, NalinTharinduShalinda&BanuGamage.
2022 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා වන අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය අද (ජූලි 29) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය.
අගෝස්තු 02 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වාසනා පෙරේරා මහත්මිය සිව්වෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් නමවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් චතුරිකා විජේතුංග මහත්මිය සහ රූපකා කොස්තා මහත්මිය විසින් ඇත් ඇඳුම් පූජා කරන ලදී. තෙවන කුඹල් පෙරහර සඳහා ලහිරු අසංග ශ්‍රී නායක මහතා සහ සුනිල් රබෙල් මහතා විසින් බතික් වලින් නිර්මාණය කළ ඇත් ඇඳුම් කට්ටලයක් පූජා කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මැතිතුමා, ජයනි තිසේරා දිසානායක මැතිතුමිය, චන්දිමා ජයසූරිය මැතිතුමිය සහ ජයසංඛ මුතුරන්වෙල මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි.
සිව්වන කුඹල් පෙරහර සඳහා සෞම්‍යා හේරත් මැතිණියත්, පස්වෙනි කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා තුන්වෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර නිසංසලා පෙරේරා මහත්මියයි.
පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය විසින් සිව්වෙනි වරටත්, දෙවන රන්දෝලි පෙරහර සඳහා නමවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් වසන්තා රුක්මනී පෙරේරා මත්මියත්, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අටවෙනි වරටත් ආර්.එන්. රාජපක්ෂ මහතා ද ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා. සිව්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අඛණ්ඩව එකොළොස් වරටත් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 28 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පූජා කරන ලදී.
අවසන් මහා රන්දෝලි පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවේ නිමාත්රි දන්දෙණිය මැතිණිය විසිනී. සසන්කා අල්විස් මැතිණිය දහවල් පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා.
මීට අමතරව,
නේත්රාන්ජලී රණවීර, ගිම්හාන් රශින්ත, ශෙහානි නානායක්කාර, සමීර ලක්ෂාන්, චාන්දනී නවරත්න, චතුරිකා විජේතුංග, අරුණි උත්පලා දිසානායක, සමරසිංහ අප්පුහාමි, නලින් තරුඳු ශාලින්ද, බානු ගමගේ යන මහත්ම මහත්මීන් විසින්ද 2022 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා වන අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය කරන ලදී.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98