October 18, 2024

ශ්‍රී දළදා මාලිගාවේ 2024 වර්ෂයේ කඨින චීවර පූජා මහෝත්සවයේ ධර්ම දේශණාව 2024 ඔක්තෝම්බර් 18 පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව බුදු මැඳුරේ දී පවත්වන්නට යෙදුනා. ඒ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික‍, ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති‍, ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන‍ ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ වැඩම වීමෙනි.
ශ්‍රී දළදා මාලිගාවේ මෙවර කඨින චීවර පූජා මහෝත්සවය ඔක්තෝබර් 18 සහ 19 යන දෙ‍දින පැවැත්වෙන අතර, ඒ සඳහා ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පවුලේ පිරිස විසිනී. කඨින චීවරය මහනුවර ලේඩිබ්ලෙක් ආරාමයේ සිට ශ්‍රී දළදා මාලිගාව දක්වා පෙරහරින් රැගන ඒම ඔක්තෝම්බර් 19 දින අළුයම සිදු කිරීමට නියමිතව ඇත.

The Dhamma sermon organized as part of the Katina Cheewara Pooja festival of Sri Dalada Maligawa was held on 18th October 2024 in the afternoon at the new shrine room of Sri Dalada Maligawa. Sermon was delivered by Ven. Dr. Urulewatte Dhammasiddhi Sri Attadassi Dhammarakkitha thero, Senior Committee Member of Asgiri Chapter, who is the current in charge of Dalada Thewa & also the Chief Incumbent of Mahiyangana temple.
This year’s Katina Cheewara Pooja festival at Sri Dalada Maligawa will be held on 18th and 19th October, and the main contribution will be made by Mr Sajith Premadasa and his family members. The procession of Katina Cheewara from Ladybleck Monastery in Kandy to Sri Dalada Maligawa is scheduled to take place early morning. on October 19.

Share With