අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශයේ, වැලෑව නම් ග්‍රාමයේ පවුල් දෙකක් වෙත අද (01) ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාරය ව්‍යාපෘතිය මඟින් අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදා පරිත්‍යාග කරනු ලැබුවා. එළෙස තම හිසට සෙවණක් උරුම වූයේ ආර්.බි. කුමාරසිංහ මහතාගේ දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට සහ ඩි. කීර්තිසිංහ මහතාගේ දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඉතා දිළිඳු පවුල් දෙකක් වෙතය.
ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක මෙහෙවර වන “අපේ සත්කාරය” ගමින් ගම – දොරින් දොර අපේම මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මඟ පෙන්වීමෙන්ය.
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2021