බැතිමතුන් දළදා මාලිගාවේ පාතමාලයේ සිට වැඩ හිඳින හිඳින මාලිගාව දක්වා පැමිණෙන විට උඩමාලේ හඳුන්කුඩමට පැමිණිය යුතු වේ. අලංකෘත දාරුකම්වලින් මෙය නිමවා ඇති අතර, බිත්ති හා සිවිලිම විසිතුරු කර ඇත. දළදා චාරිත්‍රයට අනුව හඳුන්කුඩමේ ඒ ඒ ස්ථාන සඳහා නම් රැසක් භාවිත කෙරේ. ඒ සියල්ල රජු හා දළදා සම්ප්‍රදායන් අතර ඇති වූ බැඳිම් ලෙස හඳුනා ගත හැකි වේ.