FAQ

නිති අසන පැණ

ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණෙන සියළුම පුද්ගලයින් ඇතුල්වීමේ දොරටුවේදි පරික්ෂාවකට ලක්වන බව
කරුණාවෙන් සලකන්න.

(ජංගම දුරකථන, ලෝහමය භාණ්ඩ, ස්වර්ණාභරණ, ගමන් මළු සහ පටි ඉවත් කළ යුතු අතර,
ඒවා පරීක්ෂා කිරීමෙන් පසු මල්, පිරිකර සහ අනෙකුත් සියළුම පූජා භාණ්ඩ සමඟ එකතු කර ගත හැකිය.)

★ ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණෙනවිට සංවර ඇඳුමෙන් පැමිණීමට කාරුණික වන්න.

★ පූජා භූමියට ඇතුල් වීමට පෙර පාවහන්, විශාල ගමන් මළු සහ අත්‍යවශ්‍ය නොවන දෑ භාණ්ඩ භාර ගන්නා කුටිය වෙත භාර දෙන්න.

★ පූජා භූමියට හානිකර ද්‍රව්‍ය, පොලිතීන් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන ඒම සම්පූර්ණයෙන් තහනම්.

★ ශ‍්‍රී දළදා මාලිගාවට පොලිතින් බෑග් හෝ ප්ලාස්ටික් බදුන් වල ආහාර – පූජා ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින්න.

සෑම දිනකම අළුයම 5.30 සිට රාත්‍රී 8 දක්වා ශ්‍රී දළදා මාලිගාව විවෘතව පවතියි.

  • අලුයම තේවාව (හීල් දාන පූජාව): අළුයම 5.30 සිට උදෑසන 7 දක්වා.
  • නව පෑ පූජාව (දහවල්බුද්ධපූජාව): පෙරවරු 9.30 සිට 11.00 දක්වා.
  • හැන්දෑතේවාව(සවසගිලන්පසපූජාව): පස්වරු 6.30 සිට 08.00 දක්වා.

සෑම බදාදා දිනකම පෙරවරු 9.30ට පැවැත්වේ.

සෑම දිනකම උදෑසන 10ටත් සවස 7ටත් දරුවන් පූජා කළ හැකියි.දරුවා වයස මාස 3ක් සම්පූර්ණ වී සිටිය යුතු අතර, වසය මාස 3ට වඩා නොඉක්මවා සිටිය යුතුයි. පූජා කිරීම සඳහා දරුවා සමඟ එක් වැඩිහිටියෙකුට පමණක් වැඩසිටින මාලිගය තුලට යාමට හැකියි
වැඩ්දුර තොරතුරු සඳහා නරබන්න

සෑම බදාදා දිනයකම ගරු දියවඩන නිලමේ තුමන් ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි එතුමාගේ නිල කාර්යාලයේ දී හමුවිය හැකියි. මේ සඳහා පරිපාලන අංශයෙන් වේලාවක් වෙන්කර ගත යුතුයි. (පරිපාලන අංශය සම්බන්ධකරගැනීමට අවශ්‍ය නම් අමතන්න: +94 812204867)

 යම් අබාධ තත්වයක් හේතුවෙන් සාමාන්‍ය බැතිමතුන් මෙන් පැමිණ දළදා මාලිගාවට පැමිණීමට නොහැකි අය වෙනුවෙන් විශේෂ උපකාරක සේවාවක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඔබගේ ආබාධිත ඥාතියෙක්, හිතවත් අයෙක් හෝ වෙනත් අයෙකුට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවශ්‍ය නම්
එහිදී පරිපාලන කාර්යාලය අමතා (0812234226) ප්‍රධාන වාහල්කඩ පිවිසුම අසලට ප්‍රවහන පහසුකම් ගෙන්වා ගැනීමට හැකියි.
අනතුරුව විදුලි සොපානය භාවිත කරමින් දළදා මාලිගයේ අභ්‍යන්තරයට ගමන් කිරීමට පහසුකම් සළසා ඇත.