සමාජ සත්කාරක අරමුදළට මල්වතු මහා විහාරය වෙතින් රු. මිලියන පහක මූල්‍යාධාර.

ස්භාවික ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව පිහිටුවා ඇති අරමුදළට මල්වතු මහා විහාරය වෙතින් ද රු. මිලියන පහක මූල්‍යාධාර.මල්වතු මහා විහාරයේ මහානායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මූල්‍ය පරිත්‍යාගය ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර ගෞරව තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ විසින් 2025 දෙසැම්බර් […]
ශ්‍රී දළදා මැදුරේ සිදුකළ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය.

හදිසි ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමත්, මියගිය සියලු දෙනාට පිංපෙත් අනුමෝදන් කිරීමත් අරමුණ කරගෙන ශ්‍රී දළදා මැදුරේ සිදුකළ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය 2025 දෙසැම්බර් 04 වන දින පස්වරුවේ පැවැත්විණි. ඒ මල්වතු හා අස්ගිරි උභය මහාවිහාරීය අති ගෞරවාර්හ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවා භාර නායක ස්වාමීන් වහන්සේගේ […]
සහනාධාර ගිණුමට අස්ගිරි මහා විහාරය වෙතින් රු. මිලියන පහක මූල්‍යාධාරයක්.

ස්භාවික ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව පිහිටුවා ඇති අරමුදළට අස්ගිරි මහා විහාරය වෙතින් රු. මිලියන පහක මූල්‍යාධාරයක්. අස්ගිරි මහා විහාරයේ මහානායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිපාණන් වහන්සේ විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය 2025 දෙසැම්බර් 03 පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ දී ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ […]
මල්වතු හා අස්ගිරි මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාධ්‍ය නිවේදනය.

මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය. 2025 දෙසැම්බර් 01 උපුටා ගැනීම:https://youtu.be/fO6CPmeadRQ Share With More To Explore
වීර මොණරවිල කැප්පෙටිපොල ගුණ සැමරුම

වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාගේ 207 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්මාරකය අභියස 2025 නොවැම්බර් 26 වන දින පෙරවරුවේ පැවැත්විණි. ඒ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. 1505 සිට 1948 දක්වා යටත්විජිත වාදයෙන් මෙරට නිදහස් කර ගැනීම සදහා දේශප්‍රේමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් සටන වෙනුවෙන් නායකත්වය ලබා […]
නව දියවඩන නිලමේවරයා ලෙස නැවතත් ගරු ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන් තේරී පත් විය.

බොදු ජනතාවගේ මුදුන්මල්කඩ ලෙස ඉමහත් ගෞරව බුහුමන් ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින්, දියවඩන නිලමේවරයෙක් ලෙස අඛණ්ඩව තුන්වෙනි වරටත් පත්වීමේ භාග්‍ය හිමිකරගත් ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමන්, නිලවරණය ජයගනිමින් උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමත්, අනතුරුව මල්වතු හා අස්ගිරි උභය මහාවිහාරීය අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද […]
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරණය අද (07) පස්වරු 2 ට.

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ නිළ ඡන්දය විමසීම අද එනම් 2025 නොවැම්බර් 7 වන දින මහනුවර එක්සත් බෞද්ධ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ප.ව 2 පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර ඡන්දය ප්‍රකාශකිරීම සඳහා 362 දෙනෙක් සුදුසුකම් ලබා ඇත. 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත […]
පහන් ආලෝකයෙන් දසත බැබළවූ කාර්තික මංගල්‍යය.

පහන් ආලෝකයෙන් දසත බැබළවූ කාර්තික මංගල්‍යය 2025 ශ්‍රී දළදා මාළිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසානයට යෙදී ඇති කාර්තික මංගල්ලය 2025 නොවැම්බර් 05 වන දින එනම් ඉල් පුර පසළොස්වක පොහෝ දින පැවැත්වීය. කැලණි රජමහා විහාරයේ කණ්ඩුල හස්තිරාජයා මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් දළදා මාලිගා චතුරස්‍රය වටා ගමන් කළ කාර්තික පෙරහරත්, ඉන් අනතුරුව පැවැත් වූ පහන් […]
කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම

මේ වසරේ කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම 2025 නොවැම්බර් 27 දින මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයේ දී පුරාතන චාරිත්‍රානුකූලව සිදු විය. එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා පිටිසර දේවාලවල සඳහා තෙල් බෙදාදීම සිදු කරන ලදී. සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ […]
අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල – 2025

සම්බුද්ධ ශාසනය උදෙසා විනීත, විනයධර, සුවියත් භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ 2025 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල 2025 ඔක්තෝබර් 15, 16 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ පැවැත්විණි. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන් රැසක සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, ආරාධිත දේශණ හා විචිත්‍රවත් සාහිත්‍යාංග වලින් උත්සවය සමන්විත විය. Streamed LIVE | […]
