ආදිවාසි ඇත්තෝ දළදා සමිඳුන්ට මී පැණි පූජා කරති.
සෑම වසරකම ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේදී, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව සිදු කරනු ලබන මී පැණි පූජාව 2026 අගෝස්තු 23 වන දින පෙරවරුවේ සිදු කරන ලදී.
හේමමාලාවන් සහ දන්ත කුමරුන් වාම ශ්රී දළදා වහන්සේ සමඟ ලක්දිවට සැපත් වූ දා සිට උන්වහන්සේ උදෙසා ලැබුණු අපමණ හරසර පුද පූජා අතර මෙම මී පැණි පූජාව සුවිශේෂී එකකි. ආදිවාසී පරපුරේ පූර්වගාමියකු වූ විළඳ ඇත්තන් ද ඊට එක්වෙමින් තන්තිරිමලේදී වාම ශ්රී දළදා වහන්සේට මී පැණි පූජා කර තිබේ. එතැන් සිට අද දක්වා එම පරපුරේ ඇත්තෝ වාර්ෂිකව සිය නෑ සියයන්ගේ සම්ප්රදාය නොකඩවා ඉටු කරති.
ஆதிவாசி மக்கள் ஸ்ரீ தலதா பெருமானுக்கு தேன் பூஜை செய்கின்றனர்.
ஏசள பெரஹராவின் முதல் ரந்தோலி பெரஹரா 23 ஆகஸ்ட் 2026, காலை, ஆதிவாசி மக்கள் தமது பாரம்பரிய தேன் பூஜையை பக்தியுடன் நிறைவேற்றினர். ஹேமமாலாவும் தந்த குமாரனும் தந்தியூர் வந்தபோது, ஆதிவாசி முன்னோடி விளந்த தேன் பூஜை செய்ததில் இருந்து இப்பா பாரம்பரியம் தொடங்குகிறது. அன்று முதல் இன்று வரை அம்மக்கள் இவ்வருடாந்த பாரம்பரியத்தை தவறாமல் தொடர்கின்றனர்.
This morning (23rd August 2026), on the first Randoli Procession day of the Esala Perahera, the indigenous community carried out their traditional honey offering with deep devotion. This unique ritual traces back to their ancestor, Vilanda, who offered honey at Tantirimale when Hemamala and Prince Danta brought the Tooth Relic to Sri Lanka. Since then, the community has faithfully continued this annual tradition.