මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ අනුනායක ශාස්ත්‍රපති, පණ්ඩිත නාරම්පනාවේ සද්ධර්ම වාගීෂ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අනුනායක නාහිමිපාණන් වහන්සේට සහ එම පාර්ශ්වයේ මහ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උපාධ්‍යාය ඨානාන්තර පිරිනමා තිබෙනවා. ඒ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති ගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ විසිනී. බුදු සසුනෙහි ඇතිවූ මුල්ම පදවියක් මෙන්ම උත්තරීතර පදවි ඨානාන්තරයක් ලෙස උපාධ්‍යාය පදවිය සැළකේ. එය නවක භික්ෂූන් වහන්සේලා සසුන් පිළිවෙතෙහි හික්මවනු පිණිස ඇති කළ එකකී.