සඳගල දෙපස ඇත් රූප යුගල හා මහවාහල්කඩ අතර පටු තීරයක් පවතී. එය මිටි තාප්පයකින් ආවරණිත ය. ඒ, දෙපසින් ඇති දිය අගල දළදා මාලිගාවට ආරක්ෂාව පිණිස යෙදූ භූමි උපක්‍රමයකි. එය පත්තිරිප්පු පාදමේ සිට ඒ වටා මනා සේ දිස්වන්නකි. පුරාණයේ දී නුවර වැවෙන් පෝෂිත දියවරින් පිරි මේ දිය අගල විෂ්ණු දේවාලය දක්වා විහිදී ගිය වග වාර්ථා වේ.