දළදා මාලිගා දොරකඩ සඳගල නැඟීමත් සමඟ සත් පියවරක් ගල් පඩි නැඟිය යුතු ය. එවිට මහවාහල්කඩ හමු වේ. මහනුවර යුගයේ ගොඩනැඟිලි සම්ප්‍රදායට අනුව ආරුක්කු හැඩැති කාවුලතික් ඇතුළු විය යුතු ය. වහලයක් සහිත ය. ඇතුළත රැකවල් ලෑ හැකි තරම් ඉඩකඩක් තිබේ. මාලිගා පියසි අලංකරණයෙන් යුතු සිරස් පළඳනා තුනක් මුදුවනහි ඇත. එමෙන් ම වාහල්කඩ ඉදි කිරීම ඝනැති බිත්තියෙන් සකසා ඇත්තේ ආරක්ෂාව ය.