නිතර අසන පැන
★ පූජා භූමියට ඇතුල් වීමට පෙර සෙරෙප්පු, පාවහන්, විශාල ගමන් මළු සහ අත්‍යවශ්‍ය නොවන දෑ භාණ්ඩ භාර ගන්නා කුටි වෙත භාර දී එයට අදාල ටෝකන්පත ලබා ගන්න. (දේශීය බැතිමතුන් සහ විදේශීය සංචාරකයින් සඳහා වෙන වෙනම කුටි දෙකක් පිහිටුවා තිබේ.)
★ ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණෙන සියළුම පුද්ගලයින් ඇතුල්වීමේ දොරටුවේ දී පරික්ෂාවකට ලක්කරන බව කරුණාවෙන් සලකන්න. (එහිදී රැගෙන එනු ලබන පූජා භාණ්ඩ ඇතුළු සියළු ද්‍රව්‍ය පරිලෝකන යන්ත්‍ර ආධාරයෙන් පරීක්ෂාවට ලක්කෙරේ.)
★ පොලිතීන්, ප්ලාස්ටික් වැනි පූජා භූමියට හානිකර ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින්න.
★ පොලිතින් බෑග් හෝ ප්ලාස්ටික් බදුන් වල පූජා ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින්න.
★ ශ්රී දළදා මාලිගාව පරිශ්‍රයට සුරතල් සතුන් රැගෙන ඒම සපුරා තහනම්ය.
★ ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණෙන විට සංවර ඇඳුමෙන් පැමිණීමට කාරුණික වන්න.
(අවශ්‍යනම් පමණක් විදේශිකයන් සදහා ඇතුල්වීමේ දොරටුවේදී සුදුසු ඇඳුම් සපයනු ලැබේ.)
★ කලාපීය සහයෝගීතා රටවල් සඳහා වන දකුණු ආසියානු සංගමයේ රටවල් (සාර්ක්) සඳහා.

රු. 1500.00
★ තායිලන්තය සහ මියන්මාරය යන රටවල් සඳහා.

රු. 1500.00
★ වෙනත් සියළු රටවල් සඳහා.
රු. 2000.00
★ ප්‍රවේශපත් සඳහා ඇතුළත් වන්නේ: ශ්‍රී දළදා මාලිගාව | දළදා කෞතුකාගාරය | ලෝක බෞද්ධ කෞතුකාගාරය | රාජා ඇතුගේ කෞතුකාගාරය | ඇත්ගාල.
Note: විදේශීය සංචාරකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර මිල ගණන් 2026 ජූලි 01 වන දින සිට සංශෝධනය කෙරේ.
සංශෝධිත ටිකට්පත් මිල ගණන් (2026.07.01 සිට)
SAARC රටවල්, තායිලන්තය සහ මියන්මාරය:
රුපියල් 2,500 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 8)
අනෙකුත් සියලුම රටවල්:
රුපියල් 3,000 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 10)
Updated on 17 January 2026
* ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සවිකර ඇති යන්ත්‍ර මගින් විදේශිකයින් සඳහා ප්‍රවේශපත්‍ර ස්වයංක්‍රීයව නිකුත් කෙරේ. වෙනත් පුද්ගලයින් හෝ ආයතන විසින් නිකුත් කරන ලද ටිකට්පත් හෝ ගාස්තු වලංගු නොවේ.
සෑම දිනකම අළුයම 5.30 සිට රාත්‍රී 8 දක්වා ශ්‍රී දළදා මාලිගාව විවෘතව පවතියි.
- අලුයම තේවාව (හීල් දාන පූජාව): අළුයම 5.30 සිට උදෑසන 7 දක්වා.
- නව පෑ පූජාව (දහවල්බුද්ධපූජාව): පෙරවරු 9.30 සිට 11.00 දක්වා.
- හැන්දෑතේවාව(සවසගිලන්පසපූජාව): පස්වරු 6.30 සිට 08.00 දක්වා.
සෑම බදාදා දිනකම පෙරවරු 9.30ට පැවැත්වේ.
සෑම දිනකම උදෑසන 10ටත් සවස 7ටත් දරුවන් පූජා කළ හැකියි.දරුවා වයස මාස 3ක් සම්පූර්ණ වී සිටිය යුතු අතර, වසය මාස 6ට වඩා නොඉක්මවා සිටිය යුතුයි. පූජා කිරීම සඳහා දරුවා සමඟ එක් වැඩිහිටියෙකුට පමණක් වැඩසිටින මාලිගය තුලට යාමට හැකියි
6
සෑම බදාදා දිනයකම ගරු දියවඩන නිලමේ තුමන් ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි එතුමාගේ නිල කාර්යාලයේ දී හමුවිය හැකියි. මේ සඳහා පරිපාලන අංශයෙන් වේලාවක් වෙන්කර ගත යුතුයි. (පරිපාලන අංශය සම්බන්ධකරගැනීමට අවශ්‍ය නම් අමතන්න: +94 812204867)
යම් අබාධ තත්වයක් හේතුවෙන් සාමාන්‍ය බැතිමතුන් මෙන් පැමිණ දළදා මාලිගාවට පැමිණීමට නොහැකි අය වෙනුවෙන් විශේෂ උපකාරක සේවාවක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඔබගේ ආබාධිත ඥාතියෙක්, හිතවත් අයෙක් හෝ වෙනත් අයෙකුට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවශ්‍ය නම්
එහිදී පරිපාලන කාර්යාලය අමතා (0812234226) ප්‍රධාන වාහල්කඩ පිවිසුම අසලට ප්‍රවහන පහසුකම් ගෙන්වා ගැනීමට හැකියි.
අනතුරුව විදුලි සොපානය භාවිත කරමින් දළදා මාලිගයේ අභ්‍යන්තරයට ගමන් කිරීමට පහසුකම් සළසා ඇත.