වැඩහිඳින මාලිගාවේ පහළ කොටස ‘පල්ලෙමාල’ හෙවත් පාතමාලය ලෙස හැඳින්වේ. මෙහි කැටයමින් අලංකෘත සෙල් කණු විසිහයක් පිහිටුවා තිබේ. වැඩහිඳින මාලිගාව හෙවත් උඩමාලයට ගමන් කිරීම සඳහා පල්ලෙමාලේ තරප්පු පෙළක් තනා ඇත. එයට පිවිසීමට පෙර රිදීකම් කළ වාහල්කඩින් ඇතුළු විය යුතු ය. එහි දෙපස සෙල්මුවා සිංහ රූ දෙකකි. එමෙන්ම පාතමාලයේ මහනුවර යුගයට අයත් පිළිම ගෙයක් ද චිත්රු කර්මවලින් අලංකාරයට සකසා තිබෙනුයේ දළදා බැතිය සිත් තුළ වැඩෙන ලෙසයි.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98