දේවානම්පියතිස්ස මහරජ දවස (ක‍්‍රි. පූ. 247- 207) මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රතිෂ්ඨාපනය වූ අනුරපුර මහාවිහාරය මල්වතු අස්ගිරි

උභය මහාවිහාරයේ ද ප‍්‍රභවයට මුල්විය. මෙම ථෙරවාදි භික්ෂු පරපුර,වට්ටගාමිණි රජුගේ (ක‍්‍රි.පූ. 89 – 77) රාජ්‍ය කාලයේදී අභයගිරිය වශයෙන් ද,

මහසෙන් රජුගේ (ක‍්‍රි. ව. 274- 301)කාලයේදී ජේතවන විහාරය වශයෙන් ද විවිධ ධර්ම, විනය ප‍්‍රශ්න අරබයා ඇති වූ මතභේද මත බෙදී ගොස් මහාවිහාරය, අභයගිරිය, ජේතවන විහාරය යනුවෙන් විහාරත‍්‍රයක් බවට පත්විය. මෙසේ බිඳී ගිය භික්ෂු සමූහයා මුල් කොට නිකායන් බිහිවිය. දේවානම්පියතිස්ස මහරජුගේ අනුග‍්‍රහයෙන් වර්ධනය වූ මහාවිහාරය මින් ප‍්‍රධාන විහාරයයි. මෙම මහාවිහාර වංශයෙන් බිහි වූ මල්වතු අස්ගිරි උභය මහාවිහාරය ග‍්‍රාමවාසි හා වනවාසි ආයතන දෙකට අයත්ය. මෙයින් මල්වතු මහාවිහාර පාර්ශවය ග‍්‍රාමවාසි වූ අතර අස්ගිරි මහාවිහාරය වනවාසි සාම්ප‍්‍රදාය අනුගමනය කළහ. විශේෂයෙන් මල්වතු මහාවිහාරය රාජකීය අනුග‍්‍රහය ලැබූ අතර මෙම විහාර
පාර්ශව දෙකට ක‍්‍රි. ව. 1853 සිට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමිවිය.

1753 වර්ෂයේ සිට 2014 වර්ශය තෙක් පත් වූ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ මහානායක ස්වාමීන් වහන්සේලා.

Share With