මකර තොරණින් ඇතුළු වන්නේ, අඹරාවට ය. එය දිගින් අඩි විසි නවයයි අඟල් අටකි. පළලින් අඩි අටක් වූ බිංගෙයක් බඳු කොටසකි. ඒ, ඇතුලත නෙළුම් මල් අතැති, දළදා වඳින්නට යන තුප්පොට්ටිකරුවන් අට දෙනා බැගින් වේ. අඹරා මත්තෙහි පියස්ස මහනුවර යුගයේ නෙළුම් මල් මෝස්තරයෙන් අලංකෘත වූවකි. ගෞරවනීය බවක් මෙන්ම උපශාන්ත ලීලාවක් ද උඹරාවේ සිතුවම් මඟින් විදාහරණය වේ.