දළදා මාලිගයට විශේෂිත වූ අලංකාරයක් ගෙනා පත්තිරිප්පුව හෙළයේ අවසන් නරපති ශ්රී වික්රම රාජසිංහ රජුගේ කාලයේ දේවේන්ද්ර මූලාචාරි විසින් ඉදි කරන ලද්දකි. අටපට්ටම් හැඩයෙන් යුතු පියස්ස, පිටත කුලුනු හා වටබැම්මේ හැඩ රටාව දේශජ ගොඩනැඟිලි කර්මාන්තයේ සුවිශේෂිත ඉදි කිරීමක් ලෙස සැලකේ. එසේම පත්තිරිප්පුව දළදා මාලිගාවට පිටතින් ඉදි කළ ද එය මාලිගාවේම කොටසක් බවට පත්ව ඇත.