Skip to content Skip to footer
බුදු පුද වත් පිළිවෙත්

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක ලෙස කටයුතු කළේආනනන්ද මහතෙරුන් වහන්සේය. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිදැක් වූ සෙනෙහස, ගෞරවය අපරිමිතය. පිවිතුරුය. කිසිදු ලාභප‍්‍රයෝජනයක් හෝ ප‍්‍රශංසාවක් අපේක්ෂා නොකර ස්වකීය ජීවිතයමබුද්ධෝපස්ථානයටකැපකළ ශ‍්‍රාවකයන් වහන්සේ නමකි.

වර්තමානයෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බුදු පුදදක්වනුයේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ මහනුවර දළදා මන්ඳිරයේ වැඩසිටිනවාම දළදා වහන්සේටය. එදා ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්දමහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලූ චිරාගත සාම්ප‍්‍රදායිකබුද්ධෝපස්ථාන බුදු පුද, තේවා කටයුතු ලෙසින් අද පැවරී ඇත්තේ මල්වතුඅස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන්වහන්සේලා ප‍්‍රමුඛ එම විහාර වාසී මහා සංඝරත්නය වෙතය.

වසරින්වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශවයේ මහානායකමාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත්වන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගේප‍්‍රධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්ධ කෙරේ. දෛනිකව සිදු කෙරෙන එම තේවා කටයුතු වලට අමතරව වාර්ෂික හා සතිපතා ද දළදා පුද පූජාවන් චිරාත් කාලයක සිට අද දක්වාම නොකඩවා සිදු කරනු ලැබේ.

වාර්ෂිකව ඇසළ මාසයට එළඹෙන පසළොස්වක පෝය දිනයට පසුවස් සමාදන් වන දිනයෙහි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී‍ දළදා තේවා මුර මාරු වීම සිදුවේ. එම අවස්ථාවේදී ඉහළ මාලයේත්, පල්ලේ මාලයේත්, පත්තිරිප්පුවේත්, තේවාභාර ස්වාමීන් වහන්සේ වැඩසිටින ලැගුම්ගේත් ඇති භාණ්ඩ ලේඛන ශ‍්‍රී‍්‍ර දළදා මාළිගාවේ ලේකම් මොහොට්ටාල විසින් එකින් එක කියවූ පසු පෙන්වා භාණ්ඩභාරදීම හා භාරගැනීම සිදුකෙරේ. අනතුරුව එම ලේඛන අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා අත්සන් තබා කෙටි අනුශාසනාවක් පවත්වා අදාල යතුරු භාරගැනීම හා භාරදීම සිදුකෙරේ. මෙසේ ශ‍්‍රී‍‍ දන්තධාතූන් වහන්සේ උදෙසා දිනපතා තේවා කටයුතු ඉටුකිරීමේ භාග්‍යය ලැබීම භික්ෂු ජීවිතයේ වාසනාවන්ත පින්බර අවස්ථාවක් සේ සැලකේ.
අලුයම තේවාව (හීල් දාන පූජාව)
පෙ.ව 5.30 සිට 7.00 දක්වා
නව පෑ පූජාව (දහවල්බුද්ධපූජාව)
පෙ.ව 9.30 සිට 11.00 දක්වා
හැන්දෑතේවාව(සවසගිලන්පසපූජාව)
පස්වරු 6.30 සිට 08.00 දක්වා
අලුයම තේවාව | හීල් දාන පූජාව

දළදා මැඳුරේ දෛනිකව සිදුකෙරෙන පුද පූජා හා වත් පිළිවෙත් සියල්ල “තේවා” ලෙස හැඳින්වේ. දිනපතා අලුයම තේවාව, නව පෑ තේවාව සහ හැන්දෑ දූරය වශයෙන් තේවා තුනකී. අලුයම තේවාව “අලුයම දූරය” ලෙස ද හැඳින්වේ. එය දෛනිකව පෙරවරු 5.15ට ආරම්භ වේ. පළමුව හේවිසි වාදනය කෙරේ. අලුයම දූරය සඳහා තේවා කාරක භික්ෂූන් වහන්සේලා සිවුරු හැඳ ඊට උඩින් සඟළ පටි බැඳ සූදානම් වේ. දෛනිකව දළදා මාලිගාවේ යතුරු පයින්ඩ කරන පිළිවෙතක් තිබේ. පළමුව රිදී දොර ද, පසුව රන් දොරද හැරිය යුතු වේ. දිවමන් බුදු හිමියන් උදෙසා කළ යුතු උදෑසන සත්කාර සියල්ලම දළදා හාමුදුරුවන්ට ද එළෙසම පවත්වනුයේ මහත් ගෞරවයෙනි. උදෑසන මුවකට දෝවනයට පැන් සූදානම් කිරීම, දැහැටි පිළිගැන් වීම සහ මල්පූජා කිරීම සිදු වේ. දළදා වහන්සේ උදෙසා පූජා කරනු ලබන්නේ සුදු සමන් පිච්චි මල් පමණී. මේ සියල්ල අවසන පත් කඩය එළා දළදා හාමුදුරුවන් වැඳ අත් සෝදා ආහාර පිරිණැමූ සියල්ල ලේන්සු වලින් වසා දමයි. මෙයින් අනතුරුව පූජා කළ දානය බැහැර කිරීම හෙවත් “බැහැගැනීම” සිදු වන්නේ ද දළදා චාරිත්‍ර අනුවය. එය රිදී පාත්‍රයෙන් පටන් ගෙන මහරන් පාත්‍රයෙන් අවසන් කිරීම පිළිවෙත ය.

නව පෑ පූජාව | දහවල්බුද්ධපූජාව

දිනපතා පෙරවරු 9.30ට පමණ ආරම්භවන නව පෑ තේවාව හෙවත් දළදා හාමුදුරුවන්ට දිවා ආහාර පූජාව පෙරවරු 10.30ට අවසන් වේ. ඒ සඳහා සහභාගි වන්නේ තේවා කාරක භික්ෂූන් වහන්සේලා සහා අලුයම තේවාවේ නිරත වූ මුලාදෑනීහු වෙති. මේ පිරිස පළමුව උඩුමහළට ගොස් ගෙඩිය ගසති. ඉක්බිතිව දවල් හේවිසිය ආරම්භ වේ. තේවා භාර භික්ෂූන් වහන්සේලා දෙනම සහ වට්ටෝරුරාළත් පහන් දල්වා පරමල් ඉවත් කරනු ලබයි. අනතුරුව මල්පාවඩය ලෙස හඳුන්වන පූජාසනයේ එළන ඇතිරිල්ල එළා රිදියෙන් කළ මල්බන්දේසිය ගෙපරාලට දේ. හෙතෙම ඊට සුදු සමන් මල් පුරවා දළදා වහන්සේට පූජා කිරීමට භාර දේ. මේ කටයුතු පෙරවරු 10.15 පමණ වනවිට අවසන් වේ. එවිට හක්ගෙඩිඅප්පුත්, කත්තියනරාලත් දෙදෙනා ගෙපරාලත් මුළුතැන්ගෙයි සිට ආහාර පූජාව සඳහා “පයිණ්ඩ” කරගෙන පැමිණෙති. දළදා පූජාව සඳහා ගඳකෙළිය ඇතුලට ගත් ආහාර යළි බැහැර කිරීමේ කටයුතු මඟුල්බෙර වාදන මධ්ය යේ සිදු වේ. එමෙන්ම මෙලෙස නව පෑ තේවාව අවසන් කරන්නේ ද ඒඒ ර‍ාජකාරි භාර නිළධාරීන් අදාල රාජක‍ාරිය පරීක්ෂා කර දොරවල් වැසීමෙනි.

හැන්දෑතේවාව | සවසගිලන්පසපූජාව

හැන්දෑ තේවාව, “හැන්දෑ දූරය” ලෙසින් ද හැඳන් වේ. දිනපතා පස්වරු 6.30 සිට 7.15 දක්වා මේ වතාවත් සිදුකෙරේ. හැන්දෑ දූරය සඳහා සවස 6.30ට වැඩ හිඳින මාලිගාවේ දොර විවෘත කළ පසු හේවිසි මණ්ඩපයේ සිට වැයෙන “තේවා හේවිසි” නතර කෙරේ. පසුව පරමල් ඉවත් කර අලුත් මල් පුජා කරනු ලබයි. යළිත් “බොලපැන් පයිණ්ඩ” කරනවිට තේවා හේවිසි වාදනය ආරම්භ වේ. මෙහිදී ද මහරන් කෙණ්ඩියෙන් කුඩා රන් කෙන්ඩියට “බොලපැන්” රැගෙන අලුයම තේවාවේ දී මෙන් තේවා කටයුතු සිදු කරයි. පස්වරු 7.15 පමණ වනවිට වැඩ හිඳින කුටියේ දොරවල් වසා තේවා භාර කටයුතු සිදුකිරීමට සූදානම් වේ. එවිට තේවා භාර භික්ෂූන් වහන්සේලා ඇතිරිල්ල එළා පැන් කුසළාන පිරිනැමීම සිදු කරයි. සීනි, සූකිරි, ඇල්තෙලිජ්ජ සඳහා කුඩා පාත්රාන තුනක් ද පිළිගැන් වේ. තවද මී පැණි, එළඟි තෙල් හා ඉඟුරු ඉස්ම සහිත කුසළාන තුනක් ද පිරිණැමේ. මේ සඳහා “රන්කෝරාවක්” සහ “රිදීකෝරා” හතරක් භාවිත කෙරේ. ඒ අනුව කෝරා පහක බාහාලන, පාන වර්ග හැන්දෑ දූරයේ දී පිළිගන්වයි. ගිලන්පස පූජා කිරීමේ පිළිවෙත් දෙදක් දැකගත හැකිය. එනම් පළමු ගිලන්පස පූජාව හා දෙවැනි ගිලන්පස පූජාව ලෙසිනි. දෙවැනි ගිලන්පස පූජාව සිදුකෙරෙනුයේ රාත්රී 8ට පමණය. දෙවැනි ගිලන්පස පූජාව සඳහා පළමු ගිලන්පස පූජාවට භාවිත කරනු ලබන පාන වර්ග සියළ්ලම භාවිත නොවේ. ‍දෙවැනි ගිලන්පස පූජාව සඳහා මී පැණි, සූකිරි, ඇල්තෙලිජ්ජ, එළඟි තෙල්, සීනි හා ඉඟරු යොදාගැනීම සිරිතකි. චාරිත්රකයක් ලෙසින් දෙවැනි ගිලන්පස පූජාව පැවැත් වීම ආරම්භ වී ඇත්තේ කීර්ති ශ්රීත රාජසිංහ රජු නිසාය.

බෙදා ගන්න

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email
Translate »