අගෝස්තු 28, 2026

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2026.
2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර 2026 අගෝස්තු 27 වන නිකිණි පුර පසළොස්වක පෝහෝ දින රාත්‍රියේ ශ්‍රී දළදා සමිඳුන්ට සහ සිව්මහා දෙවිවරුන්ට සියලු ගරු බුහුමන් හා පුද පූජා දක්වමින්, මහත් හරසරින් වීථි සංචාරය කර ගෙවදින ලදී.
අනතුරුව අලුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව ධාතු කරඬු වහන්සේ පෙරහැරින් වැඩම කරවා අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරිණි.

ඉන්පසු සිව්මහා දේවාල පෙරහර දියකැපීමේ චාරිත්‍රය උදෙසා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික චාරිත්‍රානුකූලව ගැටඹේ මහවැලි ගඟ නිම්නයේදී දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සාර්ථකව ඉටු කරන ලදී. මේ ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් ගැටඹේ මහවැලි ගංතෙර සහ ඒ අවට ප්‍රදේශවලට රැස්ව සිටියහ.

காலை நேர ஊர்வலமும் தீர்த்தோற்சவமும் – 2026
கண்டி எசல பெரஹரவின் இறுதி மகா ரந்தோலி ஊர்வலம் நேற்று (27) இரவு நிறைவடைந்தது. தொடர்ந்து, புனித தாதுப் பேழை அதிகாலை ஊர்வலமாக அஸ்கிரிய கெடிகே விகாரையில் பாதுகாப்பாக வைக்கப்பட்டது. அதேவேளையில், நான்கு தேவாலயங்களின் ஊர்வலங்கள் கேடாம்பே பகுதியை அடைந்து, மகாவலி கங்கையில் பாரம்பரிய தீர்த்தோற்சவம் நடைபெற்றது. இதில் ஆயிரக்கணக்கான பக்தர்கள் கலந்துகொண்டு ஆசி பெற்றனர்.

Early Morning Procession and Water Cutting Ceremony – 2026
The Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2026 successfully concluded 27th August 2026,night on the Nikini Full Moon Poya Day, paying the highest homage and respect to the Sacred Tooth Relic and the Four Guardian Deities.

Following age-old traditions, the Sacred Relic Casket was reverently carried in an early morning procession to the Asgiriya Gedige Raja Maha Viharaya, where it was safely placed.

Simultaneously, the processions of the Four Devalas proceeded to the Gatambe harbor, where the traditional Water Cutting Ceremony was performed at the Mahaweli River. Thousands of devotees gathered along the Mahaweli Riverbanks at Gatambe to witness and receive blessings from this sacred ritual.

Share With