දළදා මාලිගාවට පිවිසෙන මහ වාහල්කඩට ඔබ්බෙන් වම්පසට වන සේ තරමක් දිගු ගෘහයක් දැකගත හැකි ය. ඒ, හෙළයේඅවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ නිවස්න හෙවත් රජ මාලිගාව ය. සරල චාම් ඉදිකිරීමක් ලෙස පෙනී ගිය ද මහනුවර යුගයේ දියුණු වාස්තු ශිල්ප අනුව ඉදිකර තිබීම විශේෂිත ය. රජුුට අවශ්‍ය විටෙක මාලිගාවේ සිට දළදා මැඳුර පහසුවෙන් දැක ගත හැකි ලෙස මෙහි ඇතුළු දොරවල් සහ ජනෙල් සවිකර තිබේ.