මහනුවර රජ සමයේ දාරු නිමැවුම් අතර සුවිශේෂිත ගොඩනැඟිල්ලක් ලෙස මඟුල් මඩුව පිළිගැනේ. එය රාජාධි රාජසිංහ රජු (ක්‍රි. ව. 1783) ඉදි කළ බව ඉතිහාස පුවත් වාර්ථා කරයි. පේකඩ සහිත දාරු කුළුනු වරින් වර කළ ප්‍රතිසංස්කරණවල දී වැඩි වී තිබේ. රජු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිළිගත් ස්ථානය වන මඟුල් මඩුව උඩරට ගිවිසුම අත්සන් කළ ස්ථානය ලෙස වාර්ථා වේ.