මහ වාහල්කඩින් පිවිසුණු පසුව මාලිගාවට ඇතුළු විය යුත්තේ මකර තොරණට යටින්ය. එය ශෛලමය නිමැවුමකි. වල්විදුනා අතැති දොරටුපාල රූ දෙකකි. සිරස ලියවැලකින් අලංකෘත මකර රුවකි. අඩි දොළහ හමාරක් උසැති අඩි පහළොවක් පළලැති උළුවහු කඳ බෙරා ඇත්තේ ද ගල් කැටයම් ආශ්‍රායනි. අංකෘත සෙල්මුවා ලියකම් අතර පලා පෙති හා නෙළුම් මල් දැක ගත හැකි ය.