ශ‍්‍රී දළදා මාලිගාව වැනි අග‍්‍රගණ්‍ය බෞද්ධ සිද්ධස්ථානයකින් බුද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය සුරක්ෂිත කොට ආරක්ෂා කරගැනීමට අදාල, අත්‍යාවශ්‍ය සාධකයක් වන දිවයිනේ අනෙකුත් සිද්ධස්ථානයන්, මහා සංඝරත්නය හා බෞද්ධ ජනතාවගේ සුභසාධනය හා අභිවර්ධනය සඳහා ඉටු කෙරෙන්නේ කවර සේවාවක්ද, ලබා දෙන්නේ කවර අනුග්‍රහයක්ද, යන ප‍්‍රශ්න කලක් තිස්සේ බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම එකසේ පැන නැගෙමින් පැවතින. ජනතාවගේ එම අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන සේ කිසියම් ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් සැලසුම් කොට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම යුතුකමක් විය. ගිහි පැවිදි සමාජයන්හි සාකච්ඡාවට බඳන් වෙමින් පැවති මෙම ප‍්‍රශ්නය මල්වතු – අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කිරීම සැළසුම විය.ඒ අනුව පළමුව දේශීය හා විදේශිය බෞද්ධ කටයුතු කාර්යාංශ නමින් අංශ දෙකක් පළපුරුදු නිලධාරීන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් ස්ථාපනය කළ අතර එම අංශ මගින් ව්‍යාපෘති රාශියක්ම සැලසුම් කර කඩිනමින් ක‍්‍රියාවට නැංවිය.
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2022