Honorable President Mr. Anura Kumara Dissanayake, visited the Sri Dalada Maligawa

2025 පෙබරවාරි 23 දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් දළදා මාලිගාවේ දී ජනාධිපති තුමන්ව පිළිගත් අතර, එතුමන් සමඟ කෙටි සාකච්ඡාවකද නිරතවීය. Honorable President Mr. Anura Kumara Dissanayake, who arrived at the Sri Dalada Maligawa […]
The new Commander of the Air Force, Air Marshal Bandu Edirisinghe, visited the Sri Dalada Maligawa.

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ආගමික වතාවත් වෙනුවෙන් 2024 පෙබරවාරි 08 දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස සිය ධූරයේ රාජකාරී ඇරඹූ එදිරිසිංහ මහතා ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාව සනිටුහන් කරමින් ගරු දියවඩන නිලමේ තුමා විසින් සමරු තිලිනයක් ලබා දීම ද […]
77 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි මහාමාන්‍ය ඩී.ඒස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර පුද කිරීම.

අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි මහාමාන්‍ය ඩී.ඒස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර පුද කිරීම 2025 පෙබරවාරි 04 දින පෙරවරුවේ සිදු විය. 1948 පෙබරවාරි මස 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා, වර්ෂ 1815 සිට ශත […]
2025 අළුත් සහල් මංගල්ලය

2025 නව වසරේ දළදා සමිඳුන් උදෙසා සිදුකළ සතර මහා මංගල්ලයන්ගෙන් ප්‍රතම මංගල්ලය වූ “අළුත් සහල් මංගල්ලයේ” අළුත් සහලින් පිසූ බුද්ධ පූජාව 2025 ජනවාරි 13 දින එනම් දුරුතු පුර පසළොස්වක පොහෝ දින පෙරවරුවේ දළදා සමිඳු අභියස පූජා කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු විය. The Aluth Sahal Mangallaya, the offering of milk rice made from the first harvest, […]
අළුත් සහල් මංගල්ලය වෙනුවෙන් වී අස්වැන්නේ – සහලේ අග්රකොටස රැගෙන එම.

2025 වසරේ උතුම් දළදා සමිඳුන් වහන්සේ විශයෙහි ඉටුකරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ ප්‍රතම මංගල්ලය වන අළුත් සහල් මංගල්ලය ලබන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් වී අස්වැන්නේ – සහලේ අග්රකොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත […]
25th Commander of the Sri Lanka Army, visited the Sri Dalada Maligawa.

මෙරට 25 වන යුද්ධ හමුදාධිපති ලෙස සිය ධූරයේ රාජකාරි ඇරඹූ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො මහතා 2024 ජනවාරි 04 පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. නව යුද්ධ හමුදාධිපතිතුමා හා ගරු දියවඩන නිලමේතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදි සිදු විය. Lieutenant General Lasantha Rodrigo, who assumed duties as the 25th Commander of […]
සිසු දිරියට බොදු සවියක් ශිෂ්‍යත්ව වැඩසටහන.

දෑයේ දුවා දරුවන්ගේ දිවි මඟ ඒකාලෝක කිරීම පරමාර්ථය කර ගනිමින් ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයෙන් හා මඟපෙන්වීමෙන්, ශ්‍රී දළදා මාලිගාව සමඟ 63 වසරක ජාතියේ අභිමානය – මහජන බැංකුව හා අත්වැල් බැඳගනිමින් දිවයින පුර විසිර සිටින අධ්‍යාපනයේ මන් පෙත් දිගේ ඇවිද යන්නට වෙර දරන දෙදහසකට අධික සිසු දරු දැරියන්ගේ හෙට දවස වෙනුවෙන් “සිසු […]
ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයේ පිහිටි මහනුවර ඉපැරණි ලෝක උරුම රජ මාලිගය අභිවර්ධනය කොට මහජනතාවට විවෘත කිරීම.

ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයේ පිහිටි මහනුවර ඉපැරණි ලෝක උරුම රජ මාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කර මහජනතාවට විවෘත කිරීම 2024 දෙසැම්බර් 12 වන දින පෙරවරුවේ සිදු විය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තනාපති ජූලි චං (Julie Jiyoon Chung) මැතිණිය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා, ශ්‍රී දළදා මාලිගාවේ ගරු […]
වීර මොණරවිල කැප්පෙටිපොල 206 වෙනි ගුණ සැමරුම.

වීර මොණරවිල කැප්පෙටිපොල 206 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්මාරකය අභියස 2024 නොවැම්බර් 26 පෙරවරුවේ පැවැත්විණි. ඒ සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශවයන්හී අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. 1505 සිට 1948 දක්වා යටත්විජිත වාදයෙන් මෙරට නිදහස් කර ගැනීම සදහා දේශප්‍රේමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අර’ගලය වෙනුවෙන් නායකත්වය […]
අභිනව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යවරුන් හා එහි ලේකම් තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණියා.

අභිනව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහ එම අමාත්‍යාංශයේ ලේකම් එම්. බී අතපත්තු යන මහත්වරුන් සිය ධූරයන්හී රාජකාරි කටයුතු ආරම්භ කරමින්, ආශිර්වාද ලබා ගැනීම සඳහා 2024 නොවැම්බර් 22 වන දින පෙරවරුවේ මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ගරු […]