ஆகஸ்ட் 28, 2025

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක ධුරය සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ,
ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පත්කර තිබේ. ඒ අස්ගිරි මහා විහාරීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති නිලවරණයේ දී ය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ධුරය සඳහා පුරප්පාඩු වූ තනතුර සඳහා වන නිලවරණ 2025 අගෝස්තු 28 වන දින පස්වරු 3.30 ට මහනුවර අස්ගිරි මහා විහාරීය මංගල උපොසථගාරයේ දී පැවැත්වුණා. අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වූ අතර, ඒ සඳහා වන නිලවරණය මෙලෙස පැවැත්විණි.

Share With