அக்டோபர் 3, 2025

අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය‍ උත්සවය අද ඓතිහාසික මඟුල්මඩුවේ දී.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරය සඳහා තේරිපත් වූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහා විහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේට එම දූරය සඳහා වූ අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවය 2025 ඔක්තෝබර් 03 වන දින පස්වරු 2 ට ත්‍රෛයි නිකායික ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. මෙම රාජ්‍ය උත්සවය සඳහා දෙස් විදෙස් ගිහි පැවිදි ආරාධිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත අතර, ඒ සඳහා මඟුල් මඩුව පරිශ්‍රයට සමගාමීව විශේෂ පීඨිකාවක් ද ස්ථාපිත කර තිබේ.

Share With