நவம்பர் 8, 2026

ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධානත්වයෙන් සහ මහජන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන “සිසු දිරියට බොදු සවියක්” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දෙවන අදියර 2026 නොවැම්බර් 07 වන දින දින කුරුණෑගල මලියදේව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම වැඩසටහනේදී කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගත් දක්ෂ, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන දූ පුතුන් 355 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සිදු විය.
2024 වර්ෂයේ පහ ශිෂ්‍යත්ව විභාගය සමත්, ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන දූ පුතුන් වෙනුවෙන් ශක්තියක් වීම මෙහි ප්‍රධාන අරමුණයි.

දිවයින පුරා දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 244 ක් ආවරණය කරමින් සිසු සිසුවියන් 2,000 කට ආසන්න පිරිසකට සිය හෙට දින අධ්‍යාපන සිහින සැබෑ කරගැනීමට අත්වැලක් සැපයීම වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව නිරන්තරයෙන් කැපවී සිටී.

“சிசு திரிcolumn போது சவிய” மாணவர் உதவித்தொகை திட்டத்தின் 2ஆம் கட்டம் நேற்று 2026 நவம்பர் 07 குருணாகல் மலியதேவ கல்லூரியில் சிறப்பாக நடைபெற்றது.

ஸ்ரீ தலதா மாளிகை மற்றும் மக்கள் வங்கி இணைந்து நடத்திய இந்நிகழ்வில், குருணாகல் மற்றும் புத்தளம் மாவட்டங்களைச் சேர்ந்த 355 திறமையான மாணவர்களுக்கு உதவித்தொகை வழங்கப்பட்டது.
நாடு முழுவதும் உள்ள 2,000 மாணவர்களின் கல்விக்கனவை நனவாக்க ஸ்ரீ தலதா மாளிகையும் மக்கள் வங்கியும் தொடர்ந்து அர்ப்பணிப்புடன் செயல்படுகின்றன.

Phase 2 of “Sisu Diriyata Bodu Saviya” Scholarship Program Successfully Held
The second phase of the “Sisu Diriyata Bodu Saviya” scholarship award ceremony, organized by the Sri Dalada Maligawa in collaboration with People’s Bank, was successfully held on November 07, 2026 at the Maliyadeva College Auditorium in Kurunegala.

Focusing on the North Western Province, scholarships were awarded to 355 deserving students selected from the Kurunegala and Puttalam districts. The main objective of this initiative is to support bright students who passed the 2024 Grade 5 Scholarship Examination despite facing financial challenges.

Sri Dalada Maligawa and People’s Bank remain committed to helping nearly 2,000 students across 244 Divisional Secretariat Divisions in 16 districts achieve their educational dreams.

Share With