සම්බුද්ධ ශාසනය උදෙසා විනීත, විනයධර, සුවියත් භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ 2025 “සංජානනී” ශිෂ්ය සාහිත්ය කලා උළෙල 2025 ඔක්තෝබර් 15, 16 දෙදින පිරිවෙන් පරිශ්රයේ පැවැත්විණි. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන් රැසක සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, ආරාධිත දේශණ හා විචිත්රවත් සාහිත්යාංග වලින් උත්සවය සමන්විත විය.