ஆகஸ்ட் 14, 2026

ලෝකවාසී සැමගේ දෑස් ශ්‍රී ලංකාව වෙත යොමු කරන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී ලාංකේය සංස්කෘතික ශ්‍රී විභූතිය විදහාපාන අලි ඇතුන් පිරිවර උදෙසා වන හස්ති වස්ත්‍ර පරිත්‍යාග කිරීම 2026 අගෝස්තු 13 වන දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය.

ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් මහනුවර පෙරහර සම්ප්‍රදාය හා බැඳුණු පෞරාණික විචිත්‍රවත් බව සුරකිමින්, උසස් නිර්මාණ ශෛලියකින් යුතුව මෙම හස්ති වස්ත්‍ර නිර්මාණය කර ඇත. මේ වෙනුවෙන් කැපවූ සියලු දෙනා වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ.

අගෝස්තු 18 වෙනි දින ඇරඹෙන 2026 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වඩම්මන හස්තිරාජයා සහ දෑලේ ඇතුන් වෙනුවෙන් මහනුවර සෞම්‍යා හේරත් මහත්මිය 8 වැනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කළා ය. දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් පිටකෝට්ටේ චතුරිකා විජේතුංග මහත්මිය සහ රූපිකා කොස්තා මහත්මිය විසින් ද, තුන්වන කුඹල් පෙරහර සඳහා මිරිහාන ලහිරු අසංග ශ්‍රීනායක මහතා සහ මහාචාර්ය ගයාත්‍රි ගුණරත්න මහත්මිය විසින් ද ඇඳුම් කට්ටල පරිත්‍යාග කරන ලදී. සිව්වන කුඹල් පෙරහර සඳහා 3 වැනි වරටත් ඇත් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර දිනූෂා රාජපතිරණ මහත්මිය විසිනි. අවසන් කුඹල් පෙරහර සඳහා 3 වැනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කිරීම කුරුණෑගල ඩී.ජී. ජයසිංහ මහතා විසින් සිදු කරන ලදී.
පළමු රන්දෝලි පෙරහර සඳහා මංගල හස්තිරාජයා ඇතුළු දෑලේ ඇතුන් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය ද, දෙවන රන්දෝලි පෙරහර සඳහා වෛද්‍ය වත්සලා ගුණසේකර මහත්මිය ද තුන්වන රන්දෝලි පෙරහර සඳහා ජයසංඛ මුතුරංවෙල මහතා ද සිව්වන රන්දෝලි පෙරහර සඳහා සමන් උපසේන මහතා ද අවසන් මහ රන්දෝලි පෙරහර වෙනුවෙන් 32 වැනි වරටත්, වඩම්මන හස්තිරාජයා සහ දෑලේ ඇතුන් උදෙසා ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී තුසිත විජේසේන මහතා විසිනි.
එමෙන්ම දහවල් පෙරහරේ මංගල හස්තියා සහ දෑලේ ඇතුන් වෙනුවෙන් 8 වැනි වරටත් රත්මලානේ සසංකා අල්විස් මහත්මිය විසින් ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර සහ දහවල් පෙරහර වෙනුවෙන් සධාතුක කරඬු වහන්සේ උදෙසා මල් ලියකම් කළ උඩු වියන පරිත්‍යාග කරනු ලැබුවේ පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය විසිනි.

සුධර්මා පෙරේරා, නලින් තරුඳු ශාලින්ද, ජිනාලි මංචනායක, රුශාන් සන්කේශ්, තිළිණි පද්මසේකර, ලසිත ඒකනායක, ප්‍රතාප් ආධිත්‍ය විජේසූරිය, බුවනෙක විජයසුන්දර, කුෂාන් රත්නායක, කසුන් කුමාර දිසානායක, මලිත් රුක්ෂාන්, සමීර ලක්ෂාන්, පවිත්‍රා නයෝමි, ලක්ෂාන් රණවක, ඊ.ඩී. පෙරේරා, ලෝචනා රොද්‍රිගෝ, චරිත් ඇල්විටිගල, සුමුදු ජයතිලක, ඩෙන්සිල් ඉන්ද්‍රජිත්, හර්ෂා ආරියරත්න, දුලනිකා විජයසුන්දර, අමල්ෂා දසනායක, කළණ විදුරංග, චනුක ලෙෂාන්, චමින්ද විලියම්, ධම්මික ද අල්විස්, නිමාත්‍රි දන්දෙනිය, අරුණි උත්පලා, ගිම්හාන් රශින්ත, ඉන්දික මධුෂාන්, මධුෂිකා අල්විස්, ජේ.එම්. තිළිණි, ගිෂාන් මිලංග, එෆ්. ෆරීඩා, වෛද්‍ය අශාන් ලංකා, ඉඳුවර පෙරේරා, ටී.කේ.ඩී. සිල්වා, දිනූක රංගන, එම්.ජී. ගුණවති, ඉසුරු මහලක්ෂ සහ එම්.එම්. තිලකසිරි යන මහත්ම මහත්මීන් විසින් අනෙකුත් සියළු අලි ඇතුන් වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී.

Share With