මහමළුවේ ස්මාරකයකට යටවු කැප්පෙටිපොල විරුවාගේ හිස්කබල..

ශ්‍රි දළදා මාලිගාවේ මහ මළුවේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් ස්මාරකයක් ගැන කියන්නයි අද සුදානම. මේ ස්මාරකය ඔබ අනන්තවත් දැක ඇති. ඒ වගේම මේ ස්ථානයේ සිට ජායාරූපත් අරන් ඇති. නමුත් ස්මාරකය කුමක්ද යන්න සමහරවිට අවධානය යොමු නොකරන්නත් ඇති. මේ ස්මාරකය තියෙන්නේ මහ මළුවේ.⁣ ස්මාරකය හදල තියෙන්නේ 1954 දි.ඒ තමයි මොණරවිල කැප්පෙටිපොළ නිලමේගේ හිස්කබල තැම්පත් කර පිහිටුවා […]

ශ්‍රී දළදා මාලිගාවේ කෞතුකාගාරය | The Museum Of Sri Dalada Maligawa

අද කියන්න යන්නේ දළදා වහන්සේ ලංකාවට වැඩමවු දා සිට වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ලේඛන හා තවත් වටිනා ලේඛන ආදිය දැනගත හැකි තැනක් ගැනයි. ඒ තමයි දළදා මාලිගාවේ කෞතුකාගාරය. ටී.බි.නුගවෙල හිටපු දියවඩන නිලමේ තුමා විසින් පිහිටවනු ලැබූ අලුත් මාලිගාව නම් ගොඩනැගිල්ලේ තෙවන හා සිව්වන මහල් වල තමයි මෙම දළදා මාලිගා කෞතුකාගාරය පිහිටා තියෙන්නේ.   පළමුවෙනි විමලධර්මසූරිය […]

බුදුගුණ කියනා දළදා මැඳුරේ කවිකාර මඩුව

දළදා වහන්සේ වෙනුවෙන් අතීතයේ සිටම අනනත්වත් කවි ගීත ලියැවි ඇති. ඉදිරියටත් එලෙසමයි. ඉතින් අද කියන්න යන්නේ දළදා වහන්සේ වෙනුවෙන් ලියැවි ඇති කවි, ගී පිළිබඳ කෙටි සටහනක්. හැබැයි මේ ලියන නිර්මාණ වගේම තවත් එවන් නිර්මාණ ඔබත් දන්නවා ඇති. දළදා වහන්සේ වෙනුවෙන්ම සේවය කරන කලා ශිල්පින් ඉන්නවා. එහෙම පිරිසක් හදුන්වනවා කවිකාර මඩුව කියලා. මේ පිරිස අපිට හමුවෙන්නේ […]

දළදා සමිඳු දෙල්ගමුවෙන් වැඩමෙව් කරඬුව ඇති පල්ලේමාලෙ බුදුගේ | Pallemale Shrine

පල්ලේමාලෙ බුදු මැදුර තියෙන්නේ පත්තිරිප්පුව ළඟ. ඒ කියන්නේ මාලිගාව ඇතුළෙන් පත්තිරිප්පුවට ගොඩවෙන තැන දකුණු පැත්තට වෙන්න තමයි පල්ලේමාලෙ විහාරය පිහිටලා තියෙන්නේ. මේ බුදුගේ හදලා තියෙන්නේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා. මෙම විහාරයට ගොඩවෙන්න තියෙන්නේ සදකඩ පහනකින් අලංකාර වූ පඩිපෙළකින්. කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා ඉදිකරවු මේ බුදුමැදුර රාජාධිරාජසිංහ රජතුමා වැඩිදියුණු කර තිබෙනවා.මේ බුදු මැදුර ඇතුලේ විශේෂ රූප […]

දළදා සමිඳුන්ට දිනපතා තේවාව පවත්වන්නේ මෙහෙමයි

දළදා වහන්සේ උදෙසා තේවාව පැවැත්වෙන බව අපි කවුරුත් දන්නවා.ඒත් තේවාව කියන්නේ කුමක්ද? එය පවත්වන්නේ කොහොමද කියලා සමහරවිට ඔබ දන්නවත් ඇති. ඒත්.නොදන්නා අයගේ දැනගැනිමට ඒ ගැන විස්තර කළ යුතුයි. දළදා වහන්සේ ට මාලිගාවේදි තේවාව තුන්වරක් පැවැත්වෙනවා. පළමුව අලුයම් තේවාව ඊට පසු නව පෑ පූජාව හා හවස පුජාව වශයෙන් ඒ තේවාවන් හදුන්වනවා. වෙනත් විහාරවල බුදු හාමුදුරුවන් උදෙසා […]

දළදා සමිඳුට මුළුතැන් ගෙයි බුද්ධ පුජාව සැකසෙන විදිය

දළදා වහන්සේට පූජාකරන ආහාර පාන පිළිවෙළ කරන ක්‍රමය ගැන කියන්නයි අද සුදානම.දළදා වහන්සේට ආහාර පුජා හා ගිලන්පස පුජාව හැමදාම තියෙනවනේ.ඉතින් මේ පුජාවන් සකස් කරන්නේ මාලිගාවට අයත් මුළුතැන් ගෙයි. බුදුන් වහන්සේ, දෙවියන් වැනි උතුමන්ට පුජාකරන කරන ආහාර වලට කියන්නේ මුළුතැන් කියලයි.ඒ වගේම ඒ පුජා ආහාර සකස්කරන තැනට කියන්නේ මුළුතැන් ගේ කියලයි. මේ පුජා ආහාර ගෙනයන්නේ මුළුතැන් කත්වලින්. මේ මුළුතැන් ගේ […]