டிசம்பர் 11, 2025

හදිසි ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම උදෙසා වන රජයේ අරමුදලට ශ්‍රී දළදා මාලිගාව විසින් මූල්‍ය පරිත්‍යාග කරයි.

මල්වතු හා අස්ගිරි උභය මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ වන්දනීය මහ සංඝරත්නයත්, ශ්‍රී දළදා මාලිගාවත් ස්භාවික ආපදාවන්ගෙන් විපතට පත් ව ජනතාවට සහන සැළසීම හා ගංවතුරෙන් හානි වී ගිය නිවාස යළි ඉදිකිරීම සඳහා මෙම පරිත්‍යාගය 2025 දෙසැම්බර් 11 වන දින පෙරවරුවේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාරදෙන ලදී. මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය මහවෙල රතනපාල නාහිමිපාණන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු පිරිස එක්වූහ.

The Temple of The Sacred Tooth Relic donates to “Rebuilding Sri Lanka” – the Government fund in uplifting lives affected by Ditwah
The Chief incumbents of the Malwathu and Asgiri chapters along with the committee members and the Maha Sangha together with The Temple of the Sacred Tooth Relic donated to the government fund in uplifting lives affected by the floods and to rebuild the houses destroyed by the devastating floods.


This was officially handed over to the president, His Excellency Anura Kumara Dissanayake on 11th December 2025 at the presidential secretariat. Ven. Mahawela Rathanapala Thero – Deputy Registrar of Malwathu chapter, Ven. Muruddeniye Dhammarathana Thero – Deputy Registrar of Asgiriya chapter, Hon. Pradeep Nilanga Dela – Lay Custodian of the Temple of The Sacred Tooth Relic and Dr. Nandika Sanath Kumanayaka – Presidential Secretary were present at the official handing over.

Share With