நவம்பர் 26, 2025

වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාගේ 207 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්මාරකය අභියස 2025 නොවැම්බර් 26 වන දින පෙරවරුවේ පැවැත්විණි. ඒ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. 1505 සිට 1948 දක්වා යටත්විජිත වාදයෙන් මෙරට නිදහස් කර ගැනීම සදහා දේශප්‍රේමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් සටන වෙනුවෙන් නායකත්වය ලබා දෙමින් දිවි පිදු වීරවරයන් අතරට එක්වන මොණරවිල කැප්පෙටිපොල, එදා ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින මේ පුණ්‍යභුමියේ දී නිවහල් දේශයක් වෙනුවෙන් දිවිපිදූ බව ඉතිහාසයේ දැක්වේ. කැප්පෙටිපොල ගුණ සැමරුම සඳහා එතුමාගේ පවුලේ ඥාතී පිරිස ද සහභාගි වූ අතර, එහිදී මතක වස්ත්‍ර පූජාවක්ද සිදු විය.

The 207th commemoration of the heroic Monarawila Keppetipola was held on 26th November 2025 morning at the Keppetipola Monument, located in the Mahamaluwa of the Sri Dalada Maligawa. The event was presided over by the Most Venerable Anunayake Theros of the Malwatta Chapter of the Siam Maha Nikaya.

Share With