Search
Close this search box.
දේවානම්පියතිස්ස මහරජ දවස (ක‍්‍රි. පූ. 247- 207) මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රතිෂ්ඨාපනය වූ අනුරපුර මහාවිහාරය මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ ද ප‍්‍රභවයට මුල්විය. මෙම ථෙරවාදි භික්ෂු පරපුර,වට්ටගාමිණි රජුගේ (ක‍්‍රි.පූ. 89 – 77) රාජ්‍ය කාලයේදී අභයගිරිය වශයෙන් ද, මහසෙන් රජුගේ (ක‍්‍රි. ව. 274- 301)කාලයේදී ජේතවන විහාරය වශයෙන් ද විවිධ ධර්ම, විනය ප‍්‍රශ්න අරබයා ඇති වූ මතභේද මත බෙදී ගොස් මහාවිහාරය, අභයගිරිය, ජේතවන විහාරය යනුවෙන් විහාරත‍්‍රයක් බවට පත්විය. මෙසේ බිඳී ගිය භික්ෂු සමූහයා මුල් කොට නිකායන් බිහිවිය. දේවානම්පියතිස්ස මහරජුගේ අනුග‍්‍රහයෙන් වර්ධනය වූ මහාවිහාරය මින් ප‍්‍රධාන විහාරයයි. මෙම මහාවිහාර වංශයෙන් බිහි වූ මල්වතු අස්ගිරි උභය මහාවිහාරය ග‍්‍රාමවාසි හා වනවාසි ආයතන දෙකට අයත්ය. මෙයින් මල්වතු මහාවිහාර පාර්ශවය ග‍්‍රාමවාසි වූ අතර අස්ගිරි මහාවිහාරය වනවාසි සාම්ප‍්‍රදාය අනුගමනය කළහ. විශේෂයෙන් මල්වතු මහාවිහාරය රාජකීය අනුග‍්‍රහය ලැබූ අතර මෙම විහාර පාර්ශව දෙකට ක‍්‍රි. ව. 1853 සිට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමිවිය.
අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාර පාර්ශව‍ය

මාතලේ දිශාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ග්‍රාමයේදී ව්‍යවහාර වර්ෂ 1944 මැයි මස 30 වන දින ජන්ම ලාබය ලැබූ අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේකීර්ති ශ්‍රි රාජසිංහ මහ රජු විසින් ප්‍රථමවරට මල්වතු මහා විහාර ප‍ර්ශවයේ මහාපදවියට පත්කළ අති ගරු තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්කිතාභිධාන මහානායක මහ හිමිපානන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේවර්ථමානයේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක දූරය හොබවනු ලබයි.

උන්වහන්සේ ව්‍යවහාර වර්ෂ 1957 ක් වූ ජූනි මස 10 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී පැවිදි බිමට ඇතුලත්ව 1964 ක් වූ ජූනි මස 10 වන දින වාහලනාග නාමයෙන් උතුම් උපසම්පදා සම්පත්තිය ලැබූහ. ශ්‍රි දළදා මාළිගවේ තේවා ධූරයට පත්වකෙමෙන් තේවාව භාර නාහිමි නමක් වශයෙන් කටයුතු කර ච්රාගත සම්ප්‍රදායානුකූලව බුද්ධෝපස්ථාන බුදු පුද තේවා කාර්ය්‍යන් මැනවින් ඉෂ්ඨ සිද්ධ කල අප මානාහිමිපාණන් වහන්සේ ශාසනික ප්‍රතිපදාවන් සපුරා මල්වතු මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභාවට පත්ව පියවරින් පියවර ශාසනික පදවි ලබා රාජ්‍ය වර්ෂ 2004 වූ ජූනි මස 20 වන ඉරුදින මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝෂතාගාරයේදී තත්කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අතිගරු මහා නායක පදවියට පත් වී වදාළහ. රාජ පූජිත මල්වතු මහා විහාරයේ මහා පදවිය වූ මහ නායක පදවියේ ‍ගෞරවය මැනවින් සුරක්‍ෂිතකොට හොබවන වර්ථමාන මල්වතු මහානාහිමිපාණන් වහන්සේ උජුපටිපන්නාදි සංඝශෝභ ගුණයන්ගෙන් කටුයුතු කෙරෙති. ස්වකීය නිකායික භික්‍ෂූන් වහන්සේ තුල පමණක් නොව දිවයිනේ අවශේෂ නිකායික භික්ෂූන් වහන්සේ අතර ද ප්‍රසාදයට පාත්‍රව වැඩ වෙසෙති.

අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශව‍ය

හාරිස්පත්තුව වරකාගොඩ ගමේ දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේ සහ අලකොලදෙණියේ දුක්ගන්නා රාළලාගේ පිංචිඅම්මා යන දෙමවුපියන්ට දාව 1942 මාර්තු මස 18 වැනිදා උපත ලැබු උන්වහන්සේ 1955 අප්‍රේල් මස 7 වැනිදා අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී 1962 ජුනි මස 9 වැනිදා අධිශීල උපසම්පදාව ලැබුහ. බදුල්ල වි‍‍‍ද්‍යොත්තංස පිරිවෙණෙන් හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙණෙන් මුලික අධ‍්‍යාපනය ලැබු උන්වහනසේ අනතුරුව අස්ගිරි මහා විහාර පිරිවෙණෙන් සහ පේරාදෙණිය සාරානන්ද පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය හැදෑරූහ.1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්තවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව උන්වහන්සේ ගුරු සේවයට ප්‍රවිශ්ඨවී වසර 23 ක් ගුරුවරයෙකු ලෙස කටයුතු කොට ඇති අතරඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරය,අස්ගිරිය වි‍‍ජේසුන්දරාරාම පුරාණ විහාරය,පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ විහාරය හා බෝරුප්ප බෝධිමළු විහාරය යන විහාරයන්හි අධිපති දූරයත් දරයි.ශාස්ත්‍රවේදී පණ්ඩිත මහෝපාධ්‍ය අතිගෞරවාර්හ ව‍රාකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤනන්ද ඤාණරතනාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවිය දරමින් සම්භාවනීය ලෝක ශාසනික සේවාවක් ඉටුකල ස්වාමීන් වහන්සේ නමකි. ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු නියැලී ඇති උන්වහන්සේ 1990 නොවැම්බර් මස 29 වන දින එවකට අස්ගිරි මහානායක ධුරය හෙබවු පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවටද පත්වු උන්හන්සේ 2015 වසරේදී අස්ගිරි මහා විහාරීය අනුනායක දූරයට පත්වූ අතර, 2016 වස‍රේ දී තත්කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අස්ගිරි පාර්ශවයේ මහා නායක දූරයට පත්විය.

Share With