Skip to content Skip to footer
ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල

දියවඩන නිලමේ ශ්‍රී දළදා මාලිගාව

1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු අති පූජනීය දළදා වහන්සේගේත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කො‍ටගත් මාලිගා අංගයන්ගේත් ප්‍රධාන ගිහි භාරකාර ධූරය හිමිකර වූයේ දියවඩන නිලමේවරයාටය.  චිරාත් කාළයක් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ලද පූජා සත්කාරයක් ඉටුකරලමින් දළදා වහන්සේට අප්‍රමාණ වූ ගෞරවයක් දක්වමින්, ආරක්ෂා කරමින් සෑම දියවඩන නිලමේ වරයෙක්ම තම යුතුකම් කොටස ඉටුකරන ලදී.

2005 වසරේ පැවති නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ඉදිරිපත් වන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම යුගයක සුදුසු පසුබිමද සමඟිනි. එනම්, 1999 වසරේ දී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් ද, 2001 වසරේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් ද පත් වී ලද අත්දැකීම් සමගයි.

එකම කාල සීමාවන් දෙකක මෙරට ප්‍රධාන දේවාලයන් දෙකෙහි බස්නායක නිලමේවරයා වශයෙන් කටයුතු කළ ප්‍රතම අවස්ථාව වීම සුවිශේෂී කරුණකී. නක්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලයට පමණක් දෙවෙනි වන රුහුණු කතරගම දේවාලයේ හා සබරගමු මහ සමන් දේවාලයන්හි පෙරහර මංගල්ලයන් ද පැවැත් වූ බස්නායක නිලමේවරයෙකු වශයෙන් ඒ මහතා ලබා ගත් අත්දැකීම් අපමණය.

මෙලෙස ලද අත්දැකීම් සමඟින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ 19වන දියවඩන නිලමේවරයා වශයෙන් වර්ෂ 2005 ජූලි මස 21වන දා පදවිප්‍රාප්ත වන ප්‍රදීප් නිලංග දෑල මහතා අනතුරුව 2015 වසරේ පැවති නිලවරණයෙන් දෙවෙනි වතාවටත් ශ්‍රී දළදා මාලිගාවේ 19වන දියවඩන නිලමේවරයා වශයෙන් පත්වීමට භ‍ාග්‍ය හිමිවිය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වශයෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අරුත් ගන්වමින් එහි වගකීම් හා යුතුකම් මනාව අවබෝධ කරගනිමින්, දැවැන්ත කාර්ය්‍යභාරයක් දියත් කල ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ වරයා,  2005 වසරේ සිට ගෙවී ගිය කාලය පුරාවට සිදුකල මෙහෙය ජන සම්භාවනාවට පාත්‍ර වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ “දෑල” නම් සුන්දර ගම්මානයේ දී ඩික්සන් සරත්චන්ද්‍ර දෑල මැතිතුමාට හා එම මැතිණියට දාව වර්ෂ 1973 ඔක්තෝබර් 28 වන දින ගොඩැල්ල වලව්වේ දී මෙලොව එළිය දුටු වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑල දරුවාගේ මෑණියන්වන සිසාර දෑල මැතිණිය දිගුකලක් ගුරුවරියක් ලෙස සේවයකොට විශ්‍රාම ලැබීමෙන් පසු පැවිදි දිවියට එළඹ පැලවත්ත අශෝකා භාවනා අසපුවේ අද වැඩ වසයි.

1978 දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුලත්ව මූලික සිප්සතර හදාරන ඔහු, සිය උසස් අධ්‍යාපනය සඳහා 1980 වසරේ දී කොළඹ නාලන්දා විදුහලට ඇතුලත් වනවා. 1992 දී නාලන්දාවේ කීර්තිමත්ම ශිෂ්‍යාට හිමි සම්මානය ද හිමිකර ගත් ඔහු නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා වශයෙන් ද කටයුතු කර ඇත. පාසලේ වාණිජ සංගමය, සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසකට ද ඔහු නායකත්වය ලබා දී ඇත.

උඩරට – පහතරට හා සබරගමු නර්ථනයන්ට බෙහෙවින් ඇලුම් කළ එතුමන්, සමස්ථ ලංකා නර්ථන ශූරතාවන්ගේ සිට බොහෝ ජයග්‍රහණ පාසල් මාතාවට තිළිණ කර දීමට හැකි විය. උසස්පෙළ සමත්ව සබරගමු සරසවියට පිවිසි එතුමන් විදුහලට ගෙන දුන් අභිමන වෙනුවෙන් වර්ෂ 2005 දී නාලන්දා කීර්ථි ශ්‍රී යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.

එසේම සියළු සේවාවන්ට කෘතවේදීත්වය පල කරනු වස් එතුමා ලැබූ ගෞරව නාමයන් රාශියකී, ශ්‍රී සද්ධර්ම ධජ මහාමාන්‍ය ලංකාපුත්‍ර,  බුද්ධ ශාසනා බන්දු, රණමයුර ගෞරව ප්‍රණාමය, 2006 වසරේ දී හිමි වූ සබරගමු සරසවි අභිරම්‍යය ගෞරව නාමය, තායි මහා චූලාලංකාර රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් හිමි වු සම්මාන ආචාර්ය්‍ය උපාධිය ඒ අතර වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයා වශයෙන් පත් වී ගෙවී ගිය කාලය පුරා එතුමන් කළ සේවය සම්භ‍ාවනීයයි.

ශ්‍රී දළදා මාලිගාවේ පූජනීයත්වය, ‍පෞරාණිකත්වය ආරක්ෂා කරමින් අද්‍යතනයට ගැලපෙන පරිදි, දෙස් විදෙස් සාධුජනයාගේ නොමද ගෞරවයට පාත්‍රවන පරිදි සංවර්ධනය කර ඇති බව පැහැදිලිව දැකගත හැක. ලෝක සම්භාවනාවට පාත්‍ර ඓතිහාසික කන්ද උඩරට ඇසල පෙරහරේ සම්ප්‍රදායික උඩරට කලාව‍ට නව ජීවයක් එක්කරමින් පෙරහර සම්ප්‍රදාය තවතවත් ආරක්ෂා කරමින් වර්ථමාන තත්වයට පත්කිරීමට සුවිශේෂ කාර්ය්‍ය භාරයක් ඉටුකර ඇත.

එමතුද නොව දුගී දුප්පත් ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය වශයෙන් සම්පත් බෙදා දෙමින් දිවයිනේ දුෂ්කර පළාත්වල වෙහෙර විහාර සංවර්ධන කර දීමට ද එතුමන් කටයුතු කරමින් පවතිනවා. ශ්‍රී දළදා මාලිගාව මඟින් ගමින් ගමට දොරින් දොරට රැගෙන ගිය දැවැන්ත සමාජ සත්කාරක සේවයක් වන “අපේ සත්කාරය”ව්‍යාපෘතිය ද ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ තුමාගේ සංකල්පයකී.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email