Search
Close this search box.

ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු | දියවඩන නිලමේ

ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ වැඩ සිටින රජතමය කරඬුවේ පළමු කරඬුවේ යතුරේ භාරකාරත්වය දියවඩන නිලමේ වරයා සතුය. ඒ, දළදා වහන්සේගේ ගිහිභාරකාර වරය‍ා වන හෙයිනි. එය “ධාතුවංසයේ” ධාතුරක්ඛාධිකාරි ලෙසින් හඳුන්වා ඇත. දළදා මාලිගාවේ දෛනික පුද පූජා මෙන්ම වාර්ෂික මංගල්ලයන් ද නිසි ලෙස සිදු කිරීමේ වගකීම ද ඔහු සතුයි. මාලිගාවේ දේපොළ, වගකීම් මෙන්ම රාජකාරි දූරයන්ගේ කාර්ය්‍යන් නිසිලෙස සිදුවේදැයි විමර්ශනය ද පැවරී තිබේ. ඒ අතර රාජතාන්ත්‍රිකයින් හා දෙස් විදෙස් ප්‍රභූන් පිළිගැනීම ද රාජකාරියකී.

දියවඩන නිලමේතුමාගේ රාජකාරි ඇඳුම වන්නේ උඩරට මුල් ඇඳුමය. තුප්පොට්ටිය, පච්චවඩම, සෝමනය හා කවනිය සඳහා යාර දොළහ බැගින් යාර හතලිස් අටකින් මේ මුල් ඇඳුම නිර්මාණය කෙරේ. මේ සාම්ප්‍රදායික මුල් ඇඳුම කොටස් දහ හතරකින් යුතුය. කුඹල් පෙරහරේ ගමන්කරන විට ධවල පැහැයෙන් ද, රන්දෝලි පෙරහරේ දී රන්වන් හෝ උචිත වර්ණයකින් ද සැරසෙනුයේ සාම්ප්‍රදායන්ට අනුකූලව ය. මුල් ඇඳුම රන් නූලෙන් වියනු ලැබීම ද විශේෂත්වයකී.

ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල – දියවඩන නිලමේ ශ්‍රී දළදා මාලිගාව
1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු අති පූජනීය දළදා වහන්සේගේත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කො‍ටගත් මාලිගා අංගයන්ගේත් ප්‍රධාන ගිහි භාරකාර ධූරය හිමිකර වූයේ දියවඩන නිලමේවරයාටය. චිරාත් කාළයක් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ලද පූජා සත්කාරයක් ඉටුකරලමින් දළදා වහන්සේට අප්‍රමාණ වූ ගෞරවයක් දක්වමින්, ආරක්ෂා කරමින් සෑම දියවඩන නිලමේ වරයෙක්ම තම යුතුකම් කොටස ඉටුකරන ලදී.

2005 වසරේ පැවති නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ඉදිරිපත් වන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම යුගයක සුදුසු පසුබිමද සමඟිනි. එනම්, 1999 වසරේ දී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් ද, 2001 වසරේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් ද පත් වී ලද අත්දැකීම් සමගයි.

එකම කාල සීමාවන් දෙකක මෙරට ප්‍රධාන දේවාලයන් දෙකෙහි බස්නායක නිලමේවරයා වශයෙන් කටයුතු කළ ප්‍රතම අවස්ථාව වීම සුවිශේෂී කරුණකී. නක්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලයට පමණක් දෙවෙනි වන රුහුණු කතරගම දේවාලයේ හා සබරගමු මහ සමන් දේවාලයන්හි පෙරහර මංගල්ලයන් ද පැවැත් වූ බස්නායක නිලමේවරයෙකු වශයෙන් ඒ මහතා ලබා ගත් අත්දැකීම් අපමණය.

වර්ෂ 1814 සිට දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයට පත් වූ ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරුන්

Share With