Skip to content Skip to footer

ශ්‍රී දළදා මාලිගාවේ නව වෙබ් පියස සයිබර් ගගනතට මුදා හැරේ..

නවීන තාක්ෂණික පහසුකම් හා සේවාවන් රැසක් සමගින් ශ්‍රී දළදා මාලිගාවේ www.sridaladamaligawa.lk නිල වෙබ් අඩවිය නවමු මුහුණුවරකින් දියත් කිරීම අද(26) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්ගේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමේ ගරු සභාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්ය. ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු, උභය මහා විහාරයන් හි තොරතුරු, සජීව විකාශයන් ඇතුළු බහුමාධ්‍ය පහසුකම් සමග ලොව සියළුම රටවල භාෂාවන් වලින් සංස්කරණය කර ඇති නිල වෙබ් අඩවිය ලොව ඕනෑම රටක සිට ලෝක උරුම ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු පරිශීලනය කිරීමේ අවස්ථාව අද සිට උදා වී ඇත.

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email
Translate »