දිනපතා කියවිම්

  • Sharebar

පොල්මල් නැට්ටුවෝ

පොල්මල සශ්‍රීකත්වයේ සං‍කේතයකි. පුන්කලස සැරසීම සඳහා ‍‍‍පොල්මල් ‍යොදා ගන්නේ ‍එ‍හෙයිනි. දළදා ‍පෙරහර පැවැත්වී‍මේ පරමාර්ථය වන්නේ ද රටට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීම ය.
එය සං‍‍කේතාත්මකව ප්‍රදර්ශනය කරමින් ‍පොල්මල් අතැතිව නැට්ටු‍වෝ නටති. ඔව්හු ‍පොල්මල්කරු‍වෝ නැතිනම් ‍පොල්මල් නැට්ටු‍වෝ ‍ලෙස හඳුන්වති. ‍මෙහි දී එක් අතකට ‍‍පොල්මලක් රු‍ගෙන එය අතින් අතට මාරු කරමින් ද කවි ගායනා අනුව සරල පා සරඔවල‍ ‍යෙ‍දෙමින් ද ‍‍පොල්මල්කරු‍වෝ සිය රංගන ඉදිරිපත් කරති.

Sinhala

හොරණෑකරුවෝ

හොරණෑකරුවෝ

සුසර වාද්‍ය භාණ්ඩයක් වන ‍‍හොරණෑව පා‍රම්පරික මැනවින් ප්‍රගුණ කරන ශිල්පයකි. ‍‍හොරූණව‍ දළදා ‍පෙරහ‍‍රේ නාද මාත්‍රය ‍ලෙසින් ජනාදරයට ලක් වී ති‍බේ. ‍ඒ ‍‍හොරණෑව නඟන ගජගා වන්නම් තාලය මු‍ළු ‍පෙරහර පුරාවට ම එක ‍‍සේ සුසර වන බැවිනි. ‍‍හොරණෑව තනාගනු ලබන්‍‍නේ ද ඒ ඒ ශිල්ප ක්‍රම යට‍තේ ය.ද‍ළදා පුජාවන් හි අත්‍යවශය මෙවලමක් ‍ලෙස ‍‍හොරණෑව පිළිගැ‍නේ. ධවල ඇඳු‍මෙන් ද රත්පැහැ ප‍ටි හා සරල පපු හා අත්බාහු පලඳනා ‍‍හොරණෑකරුවන්‍ගේ‍ ‍පෙරහර ආයිත්තම් ය.

Sinhala

25 වසරක සංරක්ෂණ කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්‍ය රාජාණන්.

25 වසරක සංරක්ෂණ කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්‍ය.රාජාණන්.
වසර අටසියයකට පමණ කාලයකට පසු දෙස් විදෙස් බැතිමතුන්ගේ ද ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණ කටයුතු සිදුකර හෙට දින බැතිමතුන් උදෙසා විවෘත කරන අනුරාධපුර අභයගිරිය පිළිබද සටහනක්..
--------------------------------------------------------------------------------------------------------------------------------------------------

Sinhala

ඇත්පන්ති

ජන විශ්වාසයට අනුව අලි ඇතුන් ‍පෙරහ‍ුරේ ගමන් කරන විට කළු වැහි වලාකුළු සිහි ගැන්‍වෙයි. එ‍්හෙයින් කිසිදු විටක දළදා ‍පෙ‍ර‍‍හ‍රේ තනිතණ්ඩ‍ලේ අලි ඇතුන් ගමන් කරවීම තහංචි ‍වේ. ‍පෙරහර සම්මතයන් වන්‍ ‍නේ අලි ඇතුන් ති‍දෙනා බැගින් වු ඇත් පන්ති වශ‍යෙන් ගමන් කරවීම ය.
නන් පැ‍හැ විසිතුරු වස්ත්‍රාභර‍ණ‍යෙන් අලංකෘත අලි ඇතුන් වඩාත් දිදු‍ලන්නේ විදුලිබුබුළුවලිනි. කුම්බස්තල‍යේ සිට කඩා හැ‍ලෙන විදුලිබුබුළු තාලයකට ‍දෙපසට පැද්දීම හා පන්දම් ආ‍ලෝක‍යේ අසිරිය දැක ගැනීම මඟින් වස්දෙස් දුරුවන බවට ජන විශ්වාසයක් පවතී.

Sinhala

අසිපත්ධාරියෝ

අසිපත්ධාරියෝ

ලක්බිම‍ට වැඩම කළ දළදා හාමුදුරුවන් මහනුවර දළදා මැදුරේ වඩාහිඳුවන තෙක් බොහෝ සතුරු කරදරවලට මුහුණ දුන් වග දළදා පෙරහරේ යලිදු සිහිපත් කෙරේ. ඒ අසිපත්ධාරීන් මඟිනි. බාහිර සතුරු කරදර මැඩලීම දිවි දෙවැනි කොට සැලකූ ජාතික අභිවන මේ අසිපත් මේ පෙරහරේ ගෙනයාමෙන් සිහිපත් කෙරෙයි. එහෙයින් පෙරහර කරඬුව වඩින මඟ පෙරටුව අසිපත් ඉහලට ඔසවාගත් ජවබල තරණයෝ ගමන් කරති. ඔවූහු එසවූ අසිපත් පපුවට ඉදිරියෙන් තබා හිස කෙලින් කර ගමන් කරනවා විනා කිසිඳු රන්ගන විලාසයක නොයෙදෙති.

Sinhala

බෞද්ධ ‍කොඩිකරු‍වෝ

කුඹල් පෙරහර සහ රන්දෝලි පෙරහර වනාහි බෞද්ධ පෙරහරක් බව නරඹන්නන්ට සිහිපත් කිරීම සඳහා බෞද්ධ කොඩි රැගෙන යනු ලැබේ.
සුදුවතින් සැරසුන තරුණයින් ශාන්ත ලීලාවෙන් බෞද්ධ කොඩි රැගෙන යන විට පෙරහර ගමන් මඟ දිදුලන ෂඩ්වර්ණ රශ්මිමාලාවක් ලෙස නරඔන්නන්ට නිරායාසයෙන්ම ශාසන සුවයක් රැ‍ගෙන එයි.
කිරිමුහුද ලෙස ජනාදරයට පත් නුවර වැව් දියත්තෙන් හමා එන සිසිලත්, බෞද්ධ කොඩියේ ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් නැගෙන කරුණා රසයත් පෙරහරට නිරාමිස විචිත්‍රත්වයක් එකතු කරයි.

Sinhala

කසකරු‍වෝ

කසකරු‍වෝ

දළදා ‍පෙරහර වීථි සරන විට පළමුව දර්ශන‍ය වනු‍යේ කසකරු‍වෝ ය. කසවැනු‍මෙන් අහස් ගිගුරුම ද, විදුලි ‍කෙටීම ද සං‍කේතාත්මක ‍ලෙස ප්‍රකාශ වන බව ජන ‍වි‍ශ්වාස‍ය ‍‍ වේ. කසකරු‍වන්‍‍ගේ පැමිණීම රජු වීථි සරන බව කියැ‍වෙන ‍සංස්කෘතික සන්නි‍වේදන‍යකි.

Sinhala

පෙරහර ‍වෙඩි හඬ

පෙරහර ‍වෙඩි හඬ ‍දළදා ‍‍පෙරහර පිටත් වීමට පෙර වෙඩිමුර තුනක් පත්තු කිරීම සිරිතකි. පළමු වෙඩි හඬ නිකුත් වීමත් සමඟ සිව් මහ දේවාලවල පෙලගැසී සිටින පෙරහර කරුවෝ මාලිගා පෙරහරට එකතු වීම සඳහා පැමිණෙති.

දෙවෙනි වෙඩි හඬ නිකුත් වන්නේ සධාතුක කරඬුව ඇතුපිට රැඳී රන්හිළිගේ තැන්පත් කළ බව දැනුම් දීමටය. මෙම පෙරහර කරඬුව වමවන විට දෙපසින් තල් අතු ඇල්ලීම චිරාගත සිරිතකි. තෙවැන්න නිකුත් වීමත් සමඟ දළදා පෙරහර ගමන් කිරීම ආරම්භවේ.

Sinhala

පෙ‍රහර අවසර පැතීම

 

පෙ‍රහර අවසර පැතීම පෙ‍රහර පිටත්වීම සඳහා ‍‍වෙඩිමුර ඇ‍න්සෙන ‍‍තෙක් මාලිගාව අසල ‍අලි ඇත්තු ද, ‍‍භේරිවාදක‍යෝ ද, නර්තනය ශිල්...

Posted by Kandy Esala Perahera on Wednesday, July 8, 2015

Sinhala

මහරන්‍‍දෝලිය (රන්‍‍දෝලි ‍පෙරහ‍රේ පස්වන දිනය ‍)

 

මහරන්‍‍දෝලිය‍රන්‍‍දෝලි ‍පෙරහ‍රේ පස්වන දිනය ‍හෙවත්,‍ ‍පෙරහ‍ර නිමා කරන රන්‍‍දෝලිය හැඳින්වන්නේ “මහරන්‍‍දෝලිය” ලෙසිනි. එය...

Posted by Kandy Esala Perahera on Wednesday, July 8, 2015

Sinhala

පිටු