දිනපතා කියවිම්

  • Sharebar

පොසොන් පෝදා සිදුවූ සුවිශේෂ සිදුවීම්

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

Sinhala

අසිරිමත් නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි...

නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂසණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්.

මුලින් පැවිදි වූ භික්ෂූ න් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්ෂූමන් දොස් නැගුවා.

සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්යූ පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක.

Sinhala

සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම වූ අසිරිමත් උඳුවප් පොහොය අදයි.

ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්ල ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් උඳුවප් පොහොය දිනය හා සම්බන්ධව ඉතා වැදගත්වූ ඓතිහාසික සිදුවීම් ලෙස පෙන්වා දිය හැකියග දඹදිව සිට සංඝමිත්තා මහ රහත්තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය

ලක්දිව පළමුබෝධි පූජාව පවත්වන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි. එය නම් බෝධිය රැගත් නෞකා නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන් යලක් ශී‍්‍ර ලංකා රාජ්‍යයෙන් බෝධියට පූජා කිරීමයි.

Sinhala

ඉල් පුන් පොහොය දිනය අදයි

සොළොස් කලාවෙන් ම පිරී ගිය පූර්ණ සඳ මඬළ අහස් කුසෙහි නැගෙමින් මේ උදාවන්නේ ඉල් මස පුර පසළොස්වක පොහොය දිනයයි. ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක් ම ඉල් පුන් පොහොය දිනය මූලික වෙමින් සිදු වී තිබෙනවා.

Sinhala

බිනර පුර පසළොස්වක පොහෝදිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රමුඛ හේතුවයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.

බුදුරදුන් කිඹුල්වත්පුර නුවර නිග්‍රොධාරාමයේ වැඩසිටියදී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදුසසුනෙහි පැවිදි උපසම්පදාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවැනි හා තෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළහ.

Sinhala

පිටු