Two Great Monasteries

  • Sharebar

ස්‍යා‍මෝපාලි මහානිකාය මල්වතු පාර්ශව‍යේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානා‍යක මාහිමිපාණන් වහන්සේ

මාතලේ දිශාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ග්‍රාමයේදී ව්‍යවහාර වර්ෂ 1944 මැයි මස 30 වන දින ජන්ම ලාබය ලැබූ අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේ, කීර්ති ශ්‍රි රාජසිංහ මහ රජු විසින් ප්‍රථමවරට මල්වතු මහා විහාර ප‍ර්ශවයේ මහාපදවියට පත්කොට අති ගරු තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්කිතාභිධාන මහානායක මහ හිමිපානන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පූජණීය මහානාහිමිපාණන් වහන්සේ නමකී.

Sinhala

මල්වතු අස්ගිරි උභය මහාවිහාරය

<p>දේවානම්පියතිස්ස මහරජු දවස (ක‍්‍රි. පූ. 247 - 207) මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රතිෂ්ඨාපනය වූ අනුරපුර මහාවිහාරය මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ ද ප‍්‍රභවයට මුල්විය. මෙම ථෙරවාදි භික්ෂු පරපුර, වට්ටගාමිණි රජුගේ (ක‍්‍රි. පූ. 89 - 77) රාජ්‍ය කාලයේදී අභයගිරිය වශයෙන් ද, මහසෙන් රජුගේ (ක‍්‍රි. ව. 274 - 301) කාලයේදී ජේතවන විහාරය වශයෙන් ද විවිධ ධර්ම, විනය ප‍්‍රශ්න අරබයා ඇති වූ මතභේද මත බෙදී ගොස් මහාවිහාරය, අභයගිරිය, ජේතවන විහාරය යනුවෙන් විහාරත‍්‍රයක් බවට පත්විය. මෙසේ බිඳී ගිය භික්ෂු සමූහයා මුල් කොට නිකායන් බිහිවිය.

Sinhala

ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශව‍‍යේ අතිපුජ්‍ය වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ

22 වෙනි අස්ගිරි මහාවිහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේ

ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශව‍‍යේ අතිගරු ‍ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති උපාධ‍්‍යාය වරකා‍‍‍ගෙඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ.

Sinhala