ශී‍්‍ර දළදා වහන්සේ

  • Sharebar

<p>බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශී‍්‍ර සද්ධර්මයේ පහස ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේ. දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ. මහා පරිනිබ්බාන සූත‍්‍රයල සුමංගල විලාසිනිය හා බුද්ධ වංශයෙහි එන තොරතුරු වලට අනුව ධාතු විභජනයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණල ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැ”යි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහග සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සමඟින් කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානින්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහග එම චෛත්‍ය අට දල ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට ”කුම්බස්තූප” නම් චෛත්‍ය දල පිප්පලී නුවර මෞර්ය රජවරු චිතකය තිබූ තැනින් ලබාගත් අගුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍ය දහයක් පළමුව ඇතිවියග අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් සක‍්‍ර දේවේන්ද්‍රයා විසින් රැගෙන ගොස් තව්තිසාවේ දල තවෙකක් නා රජු රැගෙන ගොස් නා ලොව දල තවෙකක් ගන්ධාර දේශයෙහි දල නිදන් කොට සෑයන් බඳවා වන්දනා කරනු ලැබුහග ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන් වාම ශී‍්‍ර රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළිගු රට බ‍්‍රහ්මදත්ත රජු ත‍්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හග කාලිංග රාජාවලියේ ගුහසීව නමැති රජු දවස මිසදුටු පඬි රජු නිගණ්ටයන්ගේ බස් අසා ශී‍්‍ර දළදා වහන්සේ පැහැරගනු වස් තම සෙන්පති චිත‍්‍රයාන ලවා කාලිංග රාජ්‍යය ආක‍්‍රමණය කළේයග එමතු ද නොව නිඝන්ඨයන්ගේ උපදෙස් අනුව ශී‍්‍ර දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට ද වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට ද තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද අවසානයෙහි මල මූත‍්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේය. හැම විටෙකම විස්මිත ප‍්‍රාතිහාර්යය පෑ ශී‍්‍ර දළදා වහන්සේගේ බලමහිමය මැඩලීමට නොහැකි වූ තැන ඇමතිවරුන්ගේ අනුශාසනය පරිදි ශී‍්‍ර දළදා වහන්සේට මහත් ගෞරව නමස්කාර පූර්වකව වැඳ වැටී කළ වැරදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට ආයාචනා කර සිටියේයග එකල්හි සුදු බුදු රැස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විචිත‍්‍ර ලෙස තැනවූ ශී‍්‍ර දළදා මාලිගාවක් තනවා වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවලින් හෙළිවේ. යුධ සටන් නිමවීමෙන් පසු පඬි රජු සමඟ හිත මිතුරු වූ ගුහසීව කළිඟු රජු නැවත ශී‍්‍ර දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත්විය. සර්වඥ ධාතුන් වහන්සේ අතුරෙන් ජීවමානව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වැඩසිටින වාම ශී‍්‍ර රදනක දාඨා ධාතුන් වහන්සේයග ශී‍්‍ර ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදතිග දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැඟීමක් බෞද්ධයන් අතර පවතීග මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවියග රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ. බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේග සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය දල මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය ද ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේග බුදුරජාණන් වහන්සේ බුදු පසේබුදුල මහරහත් හා සක්විති චක්කවත්ති යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපාහාර දැක්වීම අනුදැන වදාළ සේක. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ. ධාතු වන්දනාව ලක්දිව ජනයා අතර බුද්ධ කාලයේදීත් ප‍්‍රචලිතව පැවතිණ. තපස්සු බල්ලූක වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කොට ගිරිහඬු සෑය සාදවා පූජා කළහ. සුමන සමන් දෙවියන්ට භාර දුන් කේශ ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ගොඩනැගූ අයුරු වංශ කථාවල සඳහන් වෙයි. මෙනයින් බලන විට බුද්ධ කාලයෙහිම ධාතු වන්දනාව ලක්දිව ප‍්‍රචලිතව තිබූ බව පැහැදිළියි. අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම කොට දළදා වහන්සේ උදෙසා පූජා සත්කාර සිදු කිරීම තහවුරුව පවතින්නේ ඒ නිසාය. දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීම ස්වකීය ජීවිතයේදී ලබන මහත් භාග්‍යයක් කොට බෞද්ධයෝ සලකති. දිනපතා තුන්වරු පූජා සතියේ බදාදා නානුමුර මංගල්ල පූජා පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්ල පූජා ආදි වශයෙන් බුද්ධෝපස්ථාන බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රදායානුකූලව ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි ශී‍්‍ර දළදා මාලිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ.</p>