සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම වූ අසිරිමත් උඳුවප් පොහොය අදයි.

  • Sharebar

ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්ල ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් උඳුවප් පොහොය දිනය හා සම්බන්ධව ඉතා වැදගත්වූ ඓතිහාසික සිදුවීම් ලෙස පෙන්වා දිය හැකියග දඹදිව සිට සංඝමිත්තා මහ රහත්තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය

ලක්දිව පළමුබෝධි පූජාව පවත්වන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි. එය නම් බෝධිය රැගත් නෞකා නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන් යලක් ශී‍්‍ර ලංකා රාජ්‍යයෙන් බෝධියට පූජා කිරීමයි.

අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේද සංඝමිත්තා රහත් තෙරණියද රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝද තිවක්ක බ්‍රාහ්මණයාද පිළිවෙළින් පූජා පැවැත්වූහයි සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශී‍්‍ර මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධව විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.

සංඝමිත්තා තෙරණිය සිරිලක ඇරැඹි මෙහෙණ සසුන කාන්තාවන් අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරය සහ කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වෙයි මෙසේ ලක්දිව මෙහෙණ සසුන ඇරැඹීම තුළින්මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයිග පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනටයග ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට :වෙසක් පොහොය වන තෙක්- ආසන්න කාලයක් පවතී