විනාශ වුන වෙහෙර විහාර පුනුරුත්ථාපනය කිරීම ශ්‍රී දළදා මාලිගාවෙන්

  • Sharebar

කොටි ත්‍රස්තවාදීන් තිස් අවුරුදු යුද සමයේ විනාශ කල ත්‍රීකුණාමල දිස්‍ත්‍රික්කයේ විහාරස්ථාන හතලිහක් පමණ පුනුරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා 08.05.2018 වැනි දින ගෝමරන්කඩවල රන්පොකුණුගම රජ මහා විහාරස්ථානයේදී ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලෙන් කෝටි 12ක පමණ අාධර මුදලක් විහාරස්ථාන සඳහා බෙදාදීමක් සිදු කෙරිණි, මෙම කර්තව්‍ය මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනව පරිදි සිදු කෙරුණු අතර අාධාර ප්‍රදානය මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය දිඔුල්කුඔුරේ ශ්‍රී විමලධර්ම ස්වාමීන්ද්‍රයන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් සහ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය මෙම සත්ක්‍රියාව හා සම්බන්ධවිණි.