මැදින් පුර පස‍ොල‍ොස්වක ප‍ෝදා අදයි.

  • Sharebar

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් හා අවස්ථා වෙන් වෙන් වශයෙන් සලකා බැලුවිට පැහැදිලිව පෙනීයන්නේ අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් තම නෑදෑ හිතමිතුරන්ට හා තම ජන්ම භූමියට කෘතගුණ දැක්වීම සඳහා යොදාගත් ‍ඓ‍ෙතිහාසික උතුම් මංගල පොහොය දිනයක් ලෙසටය.

කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීමත්, යශෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය ඇසුරින් ධර්මය දේශනා කිරීමත්, රහල් කුමරුගේ සහ නන්ද කුමරුගේ පැවිද්දත් මෙම උතුම් පොහෝ දින සිදු කරනා ලදි.