දළදා පෙරහරෙන් පසු පැවැත්වෙන වලියක් මංගල්‍යය.........

දළදා පෙරහරෙන් පසු පැවැත්වෙන වලියක් මංගල්‍යය.........
---------------------------------------------------------------
මහනුවර ඇසළ උළෙලේ විවිධ අංග රාශියක් වෙයි.කප් සිටුවීම,ගේවට පෙරහර,කුඔල් පෙරහර,රන්දෝලි පෙරහර, දිය කැපීම, වලියක් මංගල්‍යය යන අංග ඉන් ප්‍රධාන වේ.කප් සිටුවීමෙන් ඇරඹී මහ විෂ්ණු දේවාලයේ කෙරෙන "වලියක් මංගල්‍යයෙන්" ඇසළ උත්සව කටයුතු නිමාවට පත්වේ. ඇසළ උළෙල සම්බන්ධ කටයුතු අතර ශාන්තිකර්මයක් ලෙස වැදගත් තැනක් හිමිවන්නේ වලියක් මංගල්‍යයටය.
ඇසළ පෙරහර සාර්ථක ලෙස කිරීමට දෙවියන්ගේ ආශිර්වාදය අවශ්‍ය යැයි විශ්වාසයක් පවතී. එබැවින් පෙරහර අවසානයේදී දෙවියන්ට පින් අනුමෝදනා කරවීමටත්, පෙරහරට සහභාගී වු සියලුම දෙනාට සෙත් පතා වස් දුරු කිරීමටත් යෙදාගත් ශාන්තිකර්මයක් වන්නේ "වලියකුන් නැටීම" හෙවත් "වලියක් මංගල්‍යයයි".
වලියක් මංගල්‍යය සිරිත් පරිදි පවත්වනු ලබන්නේ මහනුවර මහා විෂ්ණු දේවාලයේ වන අතර අතීතයේ දී ගඩලාදෙණිය, ඇම්බැක්ක හා දොඩන්වල දේවාලවලද වාර්ෂික පෙරහර නිමවු පසුව වලියක් මංගල්‍යය පැවැත්වු බවට සාධක තිබේ.
"වලියක් මංගල්‍යය" සඳහා විෂ්ණු දේවාලය තෝරාගෙන ඇත්තේ "වලියකුන්" විෂ්ණු දෙවියන්ගේ දරුවන් යයි විශ්වාසයක් පවතින බැවිනි. කොහොඔා කංකාරියේ සහ දෙවියන්ගෙන් ඉතාම බලසම්පන්න දෙවියන් තිදෙනා වලියකුන් තිදෙනාය. වලියක් උපතේ මෙසේ සඳහන් වේ.
වලියක් මංගල්‍යයේදී කෙරෙන නැටුම් සාමානයෙන් පෙරහරේදී කෙරෙන නැටුම්වලට වඩා ශාස්ත්‍රීය වේ.