චීන ජනරජයේ මෙරට තනාපති චෙන්ග් ෂුවාන් මහතා ඇතුළු පිරිසක් අද (06)පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට

  • Sharebar

චීන ජනරජයේ මෙරට තනාපති චෙන්ග් ෂුවාන් මහතා ඇතුළු පිරිසක් අද (06)පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්හ. ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් චීන තනාපති තුමන් ශ්‍රී දළදා මාලිගාව වෙත පිළිගන්නා ලදී. අනතුරුව මල්වතු හා අස්ගිරි පාර්ෂවයන්හි මහානායක හිමිවරුන් බැහැදැකීමටද චෙන්ග් ෂුවාන් මහතා ඇතුළු පිරිස කටයුතු කළේය.