උතුම් මව්වරුන්ගේ දිනය අදයි.

  • Sharebar

දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැට‍කෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා
පසලොස්වක සඳ වාගේ එළිය ගේනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා.....

 

සිරි මහා බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ....

 

ලෝකයේ පවතින සෑම ආගමක්ම පාහේ ආගමික නීතියේ හෝ ආගමික සිදුවීම්වලදී දේවත්වාරෝපණයෙන් හෝ උත්තරීතරභාවයෙන් කටයුතු කළ මව්වරු තුළින් මවකගේ කාර්යභාරය හා භූමිකාව නිර්වචනය කරයි.

 

ආදරණීය මවගේ සහ දරුවා අතර තිබෙන්නා වූ අති උත්තරීතර ස්නේහ බන්ධනය මහාමේරුවටත් වඩා සුවිසල්ය. එම ආදරණීය බැදීම විශ්වයයි. පූර්වයේ හෙවත් පෙර ආත්මභාවයක සිදුකරන ලද අකුසල කර්මයක් හැරෙන්නට එම ළෙංගතුකම බිද දැමිමට තවත් ශක්තියක් නොමැති තරම්.

 

සරල උදාහරණයක් ගතහොත් සිදුහත් කුමරු මහාමායා දේවියගේ කලුරිය කිරීමෙන් පසූ හැදී වැඩෙන්නේ මහා ප‍්‍රජාපති ගෝතමිය දේවිය සමගය.

සෙනෙහස ආදරය රැකවරණය සිදුහත් බිළිදුන්ට ලබා දෙන්නේ ඇයයි.

 

අම්මා... සංසාර මගෙහි උතුම් ස්නේහ බන්ධනය.