ඇත්පන්ති

ජන විශ්වාසයට අනුව අලි ඇතුන් පෙරහුරේ ගමන් කරන විට කළු වැහි වලාකුළු සිහි ගැන්වෙයි. එ්හෙයින් කිසිදු විටක දළදා පෙරහරේ තනිතණ්ඩලේ අලි ඇතුන් ගමන් කරවීම තහංචි වේ. පෙරහර සම්මතයන් වන් නේ අලි ඇතුන් තිදෙනා බැගින් වු ඇත් පන්ති වශයෙන් ගමන් කරවීම ය.
නන් පැහැ විසිතුරු වස්ත්රාභරණයෙන් අලංකෘත අලි ඇතුන් වඩාත් දිදුලන්නේ විදුලිබුබුළුවලිනි. කුම්බස්තලයේ සිට කඩා හැලෙන විදුලිබුබුළු තාලයකට දෙපසට පැද්දීම හා පන්දම් ආලෝකයේ අසිරිය දැක ගැනීම මඟින් වස්දෙස් දුරුවන බවට ජන විශ්වාසයක් පවතී.