86th Birtday Of Ven Mahanayake Thero (Asgiriya Chapter)

  • Sharebar

සම්බුදු සසුනට මිණි පහනක් වූ අස්ගිරි මහානාහිමිපාණෝ. අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමින් වහන්සේගේ 86 වන ජන්ම දිනය අදට යෙදේ.

මේ ඒ වෙනුවෙන් තබන සටහනක්. වර්ෂ 1930 මාර්තු 17 වෙනිදා කුරුණෑගල දිස්ත්රිවක්කයේ කලුගමුව ප්රෙශදේශයේ උඩුගම නම් ග්රා1මයේ ප්රුභූ ගැමි පව්ලක් වන ජේ.එම් පුංචිබණ්ඩා හා ජේ.එම්. මුතුමැණිකේ දම්පතීන්ට දාව පුත්රුවනක්ව උපන් අප මාහිමියන් උපතින්ම මහ පිං ඇත්තෙකුගේ ලක්ෂණ පහළ කලහ. මේ කුඩා දරුවා ගමේ පාසලින් සිප්සතර හදාරමින් වයස අව්රුදු 15 ක් පිරීමෙන් පසුව සිය පරපුරේ ශ්රේසෂ්ඨ සංඝ පීතෘ වරයානන් වහන්සේ කෙනෙකු වූ මහනුවර අස්ගිරි පාර්ශවයේ මහා නායක පදවිය හෙබවූ අති ගෞරවනීය උඩුගම ශ්රීව බුද්ධරක්ඛිත රතනපාලාභිධාන මහා නායක ස්වාමින් වහන්සේගේ ශිෂ්යෙඩයකු හිමිනමක් වශයෙන් 1945 ජූලි මාසයේ දී අස්ගිරි මහා විහාරයේ දී සසුන්කෙතට පිවිසීය.

උපතින් ගෙනා තැම්පත්කමත් - සන්සුන් විලාශයත් නිසා කාගේත් නොමඳ ආදර ගෞරවයට හා ප්රැශංසාවට පාත්ර වූ මේ කුඩා සාමණේරයන් වහන්සේ මාතලේ ශ්රීර ධර්මරාජ පිරිවණෙහි මූලික සාමණේර ශිෂ්ය‍ අධ්යාාපණය ලදහ. එහේත් පිරිවෙන් අධ්යාලපණය අවසන් කිරීමට පෙර උන් වහන්සේට ආපසු අස්ගිරි මහා විහාරයට පැමිණීමට සිදු වූයේ අප තතාගතයන් විසින් දේශණා කරන ලද පරිදි ගෝල බික්ෂූනමක විසින් ගුරුදේවයන්ට පැවතිය යුතු ඇවතුම් ඉටු කිරීම සඳහාය.

තම ගුරැදේවයාණන් රෝගාතූර වීම නිසා සියළු අධ්යාඇපණ කටුයුතු අත්හල අප කථානායකයාණන්, උන් වහන්සේ සුවපත් වනතුරු එම කාර්යෙහි නිමග්න වූහ. වර්ෂ 1966 දී ස්වකීය සංඝ ජීවිතයේ නව ප්රෙඋවේශයකට පත්වෙමින් අතිගරු මහානායත ස්වාමීන් වහන්සේ විසින් අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවට උන්වහන්සේව පත්කරණ ලදි. 1970 දී සිය ගුරුදේව අස්ගිරි මහා විහාරීය මහානායක උඩුගම ශ්රීඝ බුද්ධරක්ඛිත රතනපාලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ අපවත්වීමත් සමඟ විහාරස්ථාන රැසක වගකීම උන්වහන්සේ වෙත පැවරිණි. එම විහාරස්ථානයන් හී අද පවත්නා සංවර්ධනය උන් වහන්සේගේ බලවත් උත්සහයක ප්ර්තිඵල ලෙස අපි දකිමු. තමන් වහන්සේගේ අධිපතීත්වය දරණ විහාරස්ථානයන් පමණක් නොව බුද්ධශාසණයෙහි චිරස්ථිතිය උදෙසාත්, සමාජීය මේහෙවර වෙනුවෙන් උන්වන්සේ කළ නිරාමිස සේවය මෙරට පමණක් නොව දේශාන්තරයන්හිද ප්රකචලිත විය. කරුණාවන්ත ප්රිමයවදන් හා ධර්මාවභෝධය ශ්රී් ලංකාවේ පමණක් නොව බෞද්ධාගම අදහන සෑම රටකම බෞද්ධයන්ගේ නොමඳ කීර්ති ප්රපශංසාවට ලක්වූහ.

1998 ඔත්තොබර් මස අස්ගිරි පාර්ශවීය කාරක සංඝ සභාව විසින් උන් වහන්සේට ශ්යා මොපාලීය මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට පත් විය. එමතුද නොව ඉන් නොබෝ කලකින් 1999 වසරේ දෙසැම්බර් 13න් වන දින ශ්යාුමොපාලීය වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශයවේ මහා නායක ධූරයෙන් ද පිදුම් ලැබීමට භාග්යශ හිමිවිය. සකළ ලෝකවාසී බෞද්ධ ජනයාගේ නොමඳ ගෞරවයට හා ප්ර්සාදයට පාත්රේවමින් බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කළ සේවය අපරමිතය. තුන්කල් දක්නා ඥාන ප්ර්භාවයකින් යුක්තව කටයුතු කරන උන් වහන්සේ ථේරවාදී බෞද්ධ ශාසනයත් ශ්රීෙ ලංකාද්වීපයත් පසතුරැ උවදුරුවලින් රැක ගැනීමට රාජ රාජ මහා අමාත්යා්දීන්ට දුන් ඔවදන් අපමණය. බෝධිසත්ව ගුණෝපිත අප උඩුගම ශ්රීග ධම්මදස්සි බුද්ධ රක්ඛිතාභිධාන ශ්යාසමොපාලීවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමින් වහන්සේ ස්වකීය භික්ෂු ජීවිතයේ 70 වසරක් ගත කරමින් පුරා අව්රුදු 86 ක් අද දින සම්පූර්ණ කරති. පසුගිය දශක 8 ක කාලය උන්වහන්සේ පරාමර්ෂණය කළහොත් සතුටු වන්නට කාරණා අපමණය අතිවිශාලය.

14 වසරක් අස්ගිරි පාර්ශවයේ මහා නායක පදවිය දරමින් ද උන් වහන්සේ අපරිමිත වූ සමාජීය හා ශාසනික සේවයක් ඉෂ්ඨ සිද්ධ කර ඇත. එම කාර්ය්යමන් තව දුරටත් කරමින් අද දින 86 වෙනි ජන්ම දිනය සමරණ උඩුගම ශ්රී ධම්මදස්සි බුද්ධ රක්ඛිතාභිධාන ශ්යාීමොපාලීවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමින් වහන්සේට ශතවර්ෂාධික කාළයක් නිදුක් නීරෝගිව ස්වකීය ශාසනික මෙහෙවර කරන්නට ශ්රීර දළදා සමිඳු සරණින් හැකි වේවායි අප පාර්ථනා කරමු.

Nike Hypervenom Phantom II FG Low