ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කෙරේ.

  • Sharebar
Share it now!

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කෙරේ.

-------------------------------------------------------------------------------------------------------------------

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍ය පිලිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (21) ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂතුමාසහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු මස 08වෙනි දා වීදි සංචාරය කිරීමට නියමිතය. දින පහක කාලයක් පැවැත්වෙන කුඹල් පෙරහරෙන් අනතුරුව රන්දෝලි පෙරහැර ආරම්භ වේ.

දින පහක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 17 වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වෙන දියකැපීමේ මංගල්‍ය අගෝස්තු 18 වනදා අළුයම ගැටඹේ දී පැවැත්වේ. එදින සවස ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා විසින් මෙවර ඇසල මහා පෙරහැර මංගල්‍ය සාර්ථකව පැවැත්වූ බව සඳහන් සන්නස් පත්‍රය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබේ.

මෙවර පෙරහැර මංගල්‍ය සජීව විකාශයහා විශේෂ රූපවාහිනී විකාශය සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය මගින් විශේෂ මාධ්‍ය වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ. ඒ අනුව ඇසළ පෙරහර සහ විශේෂ රූපවාහිනී විකාශය සුපැහැදිලි ‍Full HD තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

***

News | Media Bureau, Sri Dalada Maligawa.

©2016.07.22